අන්තර්ජාල වැඩසටහනකට එක්වෙමින් ජවිපෙ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා, විමල් වීරවංශ මහතා විසින් ලියන ලද “නවය : සැඟවුණු කතාව” නම් ග්‍රන්ථයෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ එම ග්‍රන්ථයේ හෙළිදරව් කරන අමෙරිකානු තානාපතිනි ජූලියා චූන්ග් මැතිණිය අරගලය මෙහෙය වූවාය කියන කරුණ සත්‍යක් බවයි. කෙසේ වුවද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ විමල් වීරවංශ මහතා ජීවත් වන ලෝකය තුල ඔහුට හිතෙන දේවල් ලියන බවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ජූලි චූන්ග් මැතිණිය මේ රට ලිබියාවක් බවට පත් කිරීමට අරගලය නැමැති මැච් එක ගහපු ආකාරය හෙළිදරව් කිරීමට තමා එම ග්‍රන්ථය ලියූ බවත් දිනක් ඇතුලත එම පොත ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවා ජූලි චූන්ග් මැතිණිය එහි ඇති කරුණු සාවද්‍ය යැයි පැවසීමට තරම් උනන්දු විම සතුටට කරුණක් බව පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...