ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 27 ) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ විවාදයේදීය.
මෙම ණය මුදල භාවිතා කරන ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්.අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...