ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙරට සියලු දේශපාලන නායකයන්ට ආර්ථික ලණු දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව සිටි පී.බී. ජයසුන්දර මහතා බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට ඇමැතිවරයා පැවසුවේ මෙම අර්බුදය සඳහා පාර්ලිමේන්තුවත් ප්‍රධාන වගඋත්තරකරුවකු බවයි. අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු වෙනුවට එදිනෙදා සරල දේවල් පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමුකරන බවද මෙහිදී ඇමතිවරයා චෝදනා කළේය.
මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද වරෙක සඳහන් කර සිටියේ පී.බී. ජයසුන්දර යනු ‘ආර්ථික ඝාතකයෙකු’ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...