දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් සමත් වී නැති බව වාර්තා වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීම ප්‍රමාද කිරීමට ඩොලර් මිලියන 250 ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රී ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

කෙසේ වෙතත්, මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම ගිණුම පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතුරුත් සොයා ගැනීමට හැකි වී නැති බවයි වාර්තා වන්නේ.

මෙම මුදල් තැන්පත් කළ බව කියන බැංකුව පිළිබඳ සහ එම ගිණුම පිළිබඳව තොරතුරු සොයා ගැනීමට මහ බැංකුවේ විශේෂඥ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීමට මහ බැංකුවේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More