ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බවයි.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කළ බවත්, ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ 3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවත් යන්නය.
එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.
අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්ව ඇත.
එසේම මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගතයුතු නීතිමය පියවර අදාළ අවස්ථාවන්වලදී ගන්නා බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...