දේශීය පුවත්

මෙරට ඇතිව තිබෙන අර්බුදයේ දිග පළල තේරුම්ගත නොහැකිව ජනතාව වික්ෂිප්ත වී ඇති වාතාවරණය තුළ ජනතාව ඕනෑම අහිතකර දෙයක් වුවද හිතකර දෙයක් ලෙස භාරගැනීමට තරම් මානසික අර්බුදයකට පත්ව ඇති බවත්, පසුගිය කාලය තුළ මෙරට ඇතිවූ දේශපාලන පෙරළි කිසිවක් ස්වභාවිකව සිදුවූ දේ නොව සැලසුම් සහගතව නිර්මාණය කළ ඒවා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.

මෙම සැලසුමේ පළමු වැන්න බවට පත්ව තිබුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරා දමා බලය පැහැර ගැනීමේ මෙහෙයුමක් බවත්, අරගලය ක්‍රියාත්මක වූයේ ඒ වෙනුවෙන් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එහෙත් එම සැලසුම අසාර්ථක වීම නිසා දෙවැනි සැලසුම වශයෙන් යුක්‍රේනයේ ජනාධිපතිවරයා පහකොට විකට නළුවකු බලයට පත් කළ මයිඩාන් අරගලය මෙන් මෙරට තුළද බටහිර රටවලට හසුරුවාලිය හැකි පුද්ගලයකු බලයට පත්කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවද එය සාර්ථක වී බලයට පැමිණි වර්තමාන ජනාධිපතිවරයා මෙම බටහිර න්‍යායපත්‍රය අකුරටම ක්‍රියාත්මක කරමින් මේ වන විට රටේ රාජ්‍ය දේපළ ද වනසා දමමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ සඳහා ජනතාවට මෙන්ම විවිධ පාර්ශ්ව වලට මානසික බාධක පනවා තිබූ බවද, ‘නයෝමි ක්ලේන්‘ නමැති ප්‍රසිද්ධ පර්යේෂණ මාධ්‍යෙව්දිනිය රචානා කර ඇති ග්‍රන්ථයක මෙම ‘කම්පන න්‍යාය‘ හෙවත් ආපදා අධිරාජ්‍යවාදය පිළිබඳව සඳහන් වන බව ද ඒ මහතා හෙළිදරව් කරයි.

ඇතිකරන ලද බරපතළ ආපදාවක දී ජනතාව මානසික වශයෙන් පීඩිවකට යටත් කළ විට ඊට පෙර ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවූ කාරණා තෝරාගැනීමට ඔවුන් එකඟවීම තුළින් අර්බුදය නිර්මාණය කළ පුද්ගලයන්ම ගැලවුම්කරුවන් වශයෙන් ජනතාවට පෙනෙන බවද, අද රට තුළ සිදුවී ඇත්තේ එම ඛේදවාචකය බවද ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More