දේශීය පුවත්

යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථ් මහතා දින කීපයකට පෙර අත්අඩංගුවට ගත් බව යාපනයෙන් රපෝර්තු වී තිබුනි. ඔහු රිජුව සම්බන්ද නැති, පවුල් දෙකක් අතර වෙච්ච ආරවුලක් මුල් කරගෙනයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පරීයේෂන තවම කරගෙන යනවායි පොලීසිය කියන බැවින්, සිද්ධාර්ථ් මහතාට මහේස්ත්‍රාත්තුමා බේල් දී නිදහස් නොකර, ඔහුව රිමාන්ඩ් බාරයේ තැබීමට තීරනය කර තිබෙන බවත් අපට දැනගන්නට ලැබී තිබේ. මෙය සිද්ධාර්ථ් මහතාගේ ජීවිත ආරක්ෂාවට විශාල තර්ජනයක් වන බවට කිසිම සැකයක් නැත. පසුගිය වසරක පමන කාලයක් තුල ඔහු උතුරේ ද්‍රවිඩ ජනතාවත්, දකුනේ සිංහල ජනතාවත් අතරත් විශ්වාසය සහ අන්නෝන්‍ය සුහද තාවයත් ගොඩනැගීම සදහා විශාල වශයෙන් වෙහෙස මහන්සි වූ කෙනෙක් බැවින්, ජාතිවාදය වපුරන ද්‍රවිඩ දේශපාලන පක්ෂවලට සහ බෙදුම්වාදී ඩයස්පෝරාවට ඔහු මහත් අහියෝගයක් වී ඇත.

සිද්ධාර්ථ් මහතාගේ ජීවිත ආරක්ෂාව ගැන තම අකලංක අවධානය යෙදී ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම මානව හිමිතම් සුරැකීමෙ සංවිධානය වන ‘SPUR‘ සංවිධානය ඉදිරිපත් වී ඇති බව අපට දැනගැනීවට ලැබී ඇත.

මේ වන විටත් අත්අඩංගුවේ පසුවන යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ථාර්ථ් මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් හා ඔහුට සාධාරනයක් ඉටුකිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ‘ස්පර්‘(SPUR) සංවිධානය බිම් මට්ටමේ කටයුතු කීපයක් කර තිබේ.

“අරුන් සිද්ධාර්ථන් මහතාට ජීවිත තර්ජනයක් ඇති බවත්, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිණී මාරසිංහ මහත්මියට හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලිපි මගින් දන්වා ඇති බවත් SPUR සංවිධානයේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

අරුන් සිද්ධාර්ථ් මහතා වෙනුවෙන් යාපනයේ කිසිඳු නීතිඳවරයකු මුලින් ඉදිරිපත් නොවූ බවද, ඒ නිසා නීතිඥ ප්‍රියන්ත දෙණියාය මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටීමට යාපනයට ගිය බවද ඒ මහතා පැවසීය.

ජාතීන් අතර සංහිදියාව වෙනුවෙන් හා ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරී භාවය හා ඒකීය භාවය වෙනුවෙන් ත්‍රස්තවාදී තර්ජන මැද නොබියව ඉදිරියට පැමිණි අරුන් සිද්ධාර්ථ් වැනි දේශප්‍රේමී නායකයන් ට සාධාරනයක් ඉටු විය යුතු බව තම සංවිධානය තරයේ විශ්වාස කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද මේ වන විට දැනුවත් කර ඇති බවත්, අරුන් සිද්ධාර්ථ් මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානයක් ලෙස අන්තර් ජාතිකවත්, ලංකාව තුලත් ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවක් තුල, ශ්‍රී ලංකාවෙ නීතියට ගරුකරමින්, සිදුකළ හැකි සියල්ල සිදුකරන බව ආචාර්ය දසරත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More