දේශීය පුවත්

පසුගිය දා යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම පිටුපස තිබූ සැබෑ කතාව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ මාධ්‍ය ප්‍රකාශක නිපුන් මුදලිගේ මහතා මාධ්‍යයට හෙළිකර තිබේ.

යාපනය නල්ලූර් හි පිහිටි හෝටලයකට අලාභහානි සිදුකරමින් සහ එහි හිමිකරුවා වන වෙට්ටවේලු ජයනිතිරන් නමැත්තාට ගොම ප්‍රහාරයක් එල්ල කළ බව පවසමින් අරුන් සිද්ධාර්ථ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහෙත් මෙම සිදුවීමට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පහර කෑමට ලක්වූ බව කියන හෝටල් හිමිකරුවා යාපනයේ සමගි ජන බලවේගයේ සංවිධායකවරයා බවද, ඔහු කාන්තාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර හා නින්දිත අපහාස කරන පුද්ගලයකු බව ද නිපුන් මුදලිගේ මහතා හෙළිකරයි.

මෙම ක්‍රියාවන්ට එරෙහි වූ යාපනයේ කාන්තා සංවිධානයක කාන්තාවන් පිරිසක් විසින් ඔහුට ගොම ප්‍රහාරය එල්ල කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More