ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත දැනට යෝජිත තත්ත්වයෙන් ඉදිරිපත් වුවහොත් රටේ ජනතාවට කට අරින්න සිදු වන්නේ කෑම කන්නයි ඈනුම් අරින්නයි පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
මේ පනතින් රටේ ජනතාව හිර කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවත්, එයට හේතුව රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින විරෝධයත් ආණ්ඩුවට ඇති විරෝධයත් වැළැක්වීම සඳහා බවත් ඒ මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,
“අද වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබූ ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුව විසින් දෙවැනි වරටත් ඉවත් කරගන්න බවක් පේනවා. එයට හේතුව මහා සංඝරත්නයේ විරෝධය වගේම සියලුම විපක්ෂ පක්ෂවල විරෝධයත් සමාජ ක්‍රියාකාරිකයින්ගේ විරෝධයත් වෘත්තිය සමිති විරෝධයත්. එහිදී අධිකරණ ඇමැතිවරයා විසින් අද පාර්ලිමේන්තුවේ එම පනත ඉදිරිපත් කරන්න තිබුණත් එය ඉදිරිපත් නොකරන තත්ත්වයක් පේනවා.
අපේ රටේ විශාල පක්ෂ ප්‍රමාණයක් රජයට විරුද්ධව එකතුවෙලා ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පල කිරීමට තීන්දු කළා. එම පනත තියෙන තත්ත්වයෙන් ඉදිරිපත් වුණොත් අපේ රටේ ජනතාවට කට අරින්න වෙන්නේ කෑම කන්නයි, ඈනුම් අරින්නයි විතරයි. ඒ තරම් මේ පනතින් රටේ ජනතාව හිර කරන්න ආණ්ඩුව තීන්දු කරලා.එයට හේතුව මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දී පැන නගින විරෝධයත් ආණ්ඩුවට තියෙන විරෝධයත් වැළැක්වීම. මෙහි ත්‍රස්තවාදියා කියලා නිර්වචනය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුරවැසියෙක් වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා මාධ්‍ය ආයතන වන මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ආයතන මේ පිළිබඳව කතා කරනවද කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...