දේශීය පුවත්

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බවයි.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඔහු දකුණු පළාතට මාරුකර යවනු ලැබුවේද ඉහත ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ටිරාන් අලස් මහතා ප්‍රශ්න කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More