දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය.

තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක් බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇතිවුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නයි නීතිපතිවරයා උපදෙස්දී තිබියදී එය මුදා හැර තිබූ බව පවසන රාජපක්ෂ මහතා නැව මුදා මුදා හැරීමට නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ මහතා බවද සඳහන් කළේය.

මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා මහතාගේ නම බවත් විජයදාස රාජපක්ෂ මහතා කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා මහතා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් නාලක ගොඩහේවා මහතා පවසන්නේ මෙහි වගකීම බාරගත යුතු වන්නේ එවකට රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් සති දෙකක පමණ කාලයක් පමණක් සිටි තමන් නොව අධිකරණ ඇමැතිවරුන් දෙදෙනා බවයි.

නාලක ගොඩහේවා මහතා කළ කරුණු පැහැදිලි කිරීම පහළින්…

“අද පාර්ලිමේන්තුව තුල අධිකරණ ඇමතිවරයා හා මා අතර සංවාදයක් ඇතිවූ අතර ඉන් කොටසක් ප්‍රවෘත්තී වලට පෙන්වා තිබුනි. මේ සම්පූර්ණ පැහැදිලි කිරීමයි.
x press pearl නැවේ ගින්න ආරම්ඹ වන්නේ කොළඹ වරාය තුල නැංගුරම් ලා තිබියදී 2021 මැයි 20 දාය. වරාය අමාත්‍යාංශය බාරව සිටියේ ගරු රෝහිත අබේගුණවර්ධන මහතාය.

ගින්න නිසා ධිවරයන් විශාල පිරිසට සති ගනනාවක් මුහුදු යාම තහනම් වේ. ඒ වෙලාවේ ධිවර අමාත්‍යවරයා ගරු ඩග්ලස් දේවානන්ද මහතාය ඒ වෙලාවේ පරිසරය බාර ඇමතිවරයා වූයේ ගරු මහින්ද අමරවීර මහතාය.

ගිනිගත් කන්ටේනර් වලින් පිටවූ අපද්‍රව්‍ය වෙරලට ගලා විත් ඒවා පිරිස්දු කිරීමේ අවශ්‍යතාවක් මතුවේ. ඒ වෙලාවේ වෙරල සංරක්ෂණය බාර කැබිනට් ඇමතිවරයා ගරු මහින්ද රාජපක්ෂ මහතාය. මම රාජ්‍ය අමාත්‍යවරයා වීමි. ඒ අනුව නාවික හමුදාව සමබන්ධ කරගෙන වෙරළ සුද්ධ කිරීම අප විසින් වහාම ආරම්ඹ කරනා ලදී.
සති දෙකක් පමන ගිනිගත් නැව අවසානයේ කොටස් වශයෙන් ගිලෙන්නට පටන් ගන්නේ 2021 ජූනි මාසයේ මුල කාලයේදීය. එය කාලයක් යනතුරු සම්පූර්ණයෙන් ගිලුනේ නැත.

නැව ගිනිගෙන දැවෙන අතරම මේ ගින්නෙන් වෙන හානිය ගැන සොයා බලා වන්දි ලබා ගැනීමේ කටයුතු සම්පාදනයට ජනාධිපතිවරයා විසින් අධිකරණ ඇමතිවරයාගේ සභාපතිවයෙන් කමිටුවක් පත්කරනා ලදි. ඒ 2021 ජුනි 14දායි. ඒ වෙලාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කමිටුවේ සභාපති වූයේ ගරු අලි සබ්‍රී මහතායි.
මේ කමිටුවේ මට සහභාගී වීමට ලැබුනේ මුල් රැස්වීමට පමනි. එයට අදාල සියළු ඇමතිවරුන් සහභාගී වී සිටියහ. නීතිපතිවරයාත් මීපා ආයතනයේ සභාපතිනියත් වරාය සභාපතිවරයා, පරිසර සංරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් රැසක්ද මේ කමිටුවට පත් කොට තිබුනි.

කෙසේ වෙතත් 2021 ජූලි මස 8 දා වෙරළ සංරක්ෂන විශය මගෙන් ඉවත්කොට ගරු මොහාන් සිල්වා රාජ්‍ය ඇමතිවරයා යටතට පත් කරනා ලදී. ( ඒ වෙලාවේ ගරු මොහාන් සිල්වා මහතාව පොහොර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට තිබූ නිසා ඔහුට යම් වගකීමක් දීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුනා විය හැක )
නැව ගිලී මාසයක් ගත වන්නටත් පෙර මා මේ විශයෙන් ඉවත් කොට තිබුන නිසා පසුගිය වසරක් හා මාස 10 ක කාලය තුල කමිටුවේ ක්‍රියාවන් පිළිබඳ මගේ කිසිදු සම්බන්ධයක් හෝ අවභෝධයක් නැත. ඒ නිසා ඒ ගැන මගෙන් ඇසීමෙන් පලක් නැත.

2021 ජූනි මාසයේ සිට 2022 අප්‍රේල දක්වා කමිටුවේ සභාපති වුයේ ගරු අලි සබ්‍රී අධිකරණ අමාත්‍යවරයාය. 2022 මැයි මස සිට කමිටුවේ සබාපතිත්වය දරන්නේ ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාය. නීතිපති දෙපාර්තුමේන්තුව තිබෙන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේය. ඒ නිසා කාගේ අකාර්යක්ෂමතාව නිසා හෝ වංචනික ක්‍රියාවක් නිසා නැව් සමාගමෙන් වන්දි ගැනීමේ අවස්ථාව රටට අහිමි වුව හොත් ඒ ගැන සොයා බලා වාර්ථා කිරීමට හා පියවර ගැනීමට සුදුසුම දෙපල වන්නේ එතුමන්ලාය.

දැන් ප්‍රශ්නය තිබෙන්නේ පරිසර හානිකක් කල X press Pear නැව ගැනය. ඒ ගැන පැහැදිලි කිර්‍රීම පැත්තක දමා ඊට බොහෝ කලකට සිදුවූ කාටවත් මතක නැති Blue Diamnad නැවක අභ්‍යන්තර ගින්නක් ගැන බොරු කතාවක් පටලාගෙන ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්නට අධිකරණ ඇමතිවරයා උත්සාහ කිරීම නින්දා සහගතය”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More