දේශීය පුවත්

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පසුගිය සමයේ විශාල ලෙස මිල ඉහළ දැමූ ඖෂධවල මිල ඩොලරයේ අගයට සාපේක්ෂව මේ වනවිට අඩු කළ හැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව පියවර නොගැනීමෙන් රෝගීන් තවදුරටත් අපහසුතාවට පත්වෙමින් සිටින බවය.

රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය නිසා රෝහල්වලට එන රෝගීන්ට පිටතින් ඖෂධ ලබා ගැනීමට නියම කරන බවත් පෞද්ගලික ඔසුසල්වල ඖෂධ මිල 400% සිට 500% දක්වා ඉහළ දමා තිබීම මෙම තත්ත්වයට හේතුව බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ මිල 50% කට වඩා වැඩි ගණනකින් අඩු කළ හැකි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය හෝ සෞඛ්‍ය ඇමැතිවරයා එයට මැදිහත් නොවීම නිසා රෝගීන්ට කිසිදු සහනයක් ලබා ගැනීමට නොහැකිව ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More