උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය අග්ගමහා පණ්ඩිත හේනේපොල ගුණරතන නාහිමිපාණන් විසින් රචිත ‘Mindfulness in Plain English’ ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා 32 කට පරිවර්තනය වූ ග්‍රන්ථයක් ලෙස වාර්තාගත වී ඇත.
ශ්‍රී ලාංකික පැවිදි යතිවරයකු විසින් රචිත ග්‍රන්ථයක් මෑත භාගයේ මෙතරම් භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ‘සවිමත් බව වැඩීම’ මැයෙන් මෙම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය වී ඇත.
මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි පිටපත් මිලියන 10 කට අධික ප්‍රමාණයක් දැනටමත් මුද්‍රණය වී ඇති අතර මෙය ඉකුත් වසර 10 තුළ ඇමරිකාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් පොතක් ලෙස සැලකේ.
මෙම ග්‍රන්ථය භාවනාව පිළිබඳ හොඳ අත්පොතක් ලෙස සිය පුවත්පත මගින් සිදුකළ පර්යේෂණයකදී තහවුරු වූ බව ඉකුත් 22 වැනි ඉරිදා පළවූ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. ශ්‍රී ලාංකිකයකු විසින් රචිත ග්‍රන්ථයක් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
මේ වනවිට ලොව වෙසෙන වයෝවෘද්ධම හා ජ්‍යෙෂ්ඨතම භික්ෂූන් වහන්සේ ලෙස සැලකෙන හේනේපොල ගුණරතන නාහිමියෝ මේ වනවිට 95 වන වියෙහි පසුවන අතර දැනට ග්‍රන්ථ 15 කට වැඩි ප්‍රමාණයක් උන්වහන්සේ විසින් රචනා කර ඇත. එම සෑම ග්‍රන්ථයක්ම අවම වශයෙන් තවත් එක් භාෂාවකට හෝ පරිවර්තනය වී තිබීම විශේෂත්වයකි.
– කමල් බෝගොඩ
– දිවයින –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...