දේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන් නිලධාරින් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත බාරවද, ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත මහතා මධ්‍යම පළාතේ සිට රථ වාහන සහ අපරාධ බාරවද එස්. සී. මැදවත්ත මහතා සහයක සේවා සහ වයඹ පළාත් වැඩ බැලීමේ සිට දකුණු පළාත් බාරව ද වසන්ත කිත්සිරි ජයලත් මහතා නැගෙනහිර පළාතේ සිට වයඹ පළාත් බරවද ආර්. එල් .කොඩිතුවක්කු මහතා වෛද්‍ය සේවා සුබසාධක සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට සහයක සේවා ලෙස ද, නීතිඥ අජිත් රෝහණ මහතා දකුණු පළාත් බාරව සිට නැගෙනහිර පළාත් බාරව ද එල්. කේ. ඩබ්ලිව්. කේ. සිල්වා මහතා අපරාධ හා රථවාහන කොට්ටාසයේ සිට වෛද්‍ය සේවා සුභ සාධක සහ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ද ද නිසි ස්ථාන මාරුවීම් ලබා ඇත.

මීට අමතරව හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ද තානාපති ආරක්ෂක කොට්ඨාසය භාර ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එල්. සූරියබණ්ඩාර මහතා හලාවත කොට්ඨාසයට ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එච්. එන්. ද සිල්වා මහතා බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරේ සිට පොලොන්නරුව කොට්ඨාසය බාරව ද පොලිස් අධිකාරී එන්.ඩබ්ලිව්. සේනානායක මහතා මීගමුව කොට්ඨාසය සිට බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨායේ අධ්‍යක්ෂකවරයා ලෙස ලෙස ද ලෙසද, සහකාර පොලිස් අධිකාරී ටී. උපාලි මහතා පානදුර කොට්ඨාසය සිට රත්නපුර කොට්ඨාසය වෙත ද, සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාරනායක මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට පානදුර කොට්ඨාසය වෙත ද මෙසේ ස්ථාන මාරුවීම් ලැබූ සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු වෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More