එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ස්ථාපිත කළ යුතු බවට උතුරේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මිය ඉදිරියේදී.පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්‍ෂිකාව ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.
උතුරු පළාත් සභා මැතිවරණයේදී මහේශ්වරන් මහත්මියට අති විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත්, එම ජනවරම 2020 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත් කිරීම මහේශ්වරන් මහත්මිය මෙහෙයවන බලවේගවල ඉල්කකය වී ඇති බවත් වාර්තා වෙයි. මහේශ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු විනය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කමිටුවක් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. මෙම කමිටුව මහේශ්වරන් මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කළ යුතු බවට නිර්දේශ කළහොත් ඉන් උතුරු පළාත තුළ මහේශ්වරන් මහත්මියගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යනු ඇති බව ඇය මෙහෙයවන බලවේගවල මතය වී තිබේ. එහෙත් එම කමිටුව මහේශ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නිර්දේශ නොකළහොත් මහේශ්වරන් මහත්මිය සිය කැමැත්තෙන්ම මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ඇයට සමීප ආරංචි මාර්ග හෙලිකරයි.
එළැඹෙන සැප්තැම්බර් මස 25 වැනිදා වන විට උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතය. මහේශ්වරන් මහත්මිය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ආතතිය මත කළ ප්‍රකාශයක් ලෙස ඇය පෙන්වා දුන්නද, එය මහ ඇමති ඉලක්කය සඳහා සිතා මතා කළ ප්‍රකාශයක් බව හෙළිදරව් වී තිබේ. වත්මන් උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා සමඟ බරපතළ ගැටලු රැසක් ඇති කරගෙන තිබෙන දෙමළ ජාතික සන්ධානය ඔහුට එරෙහිව මහේශ්වරන් මහත්මිය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉතා කිට්ටු සබඳතාවක් තිබේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අග්‍රාමාත්‍යවරයා ආරක්‍ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය භාවිත කළේ මේ සබඳතාව නිසාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...