ශ්‍රී ලංකාවෙන් රිළවුන් ඉල්ලා සිටින්නේ චීනයේ ඇති තම සමාගමට අයත් පෞද්ගලික සත්ත්ව උද්‍යානවල ප්‍රදර්ශනය සඳහා පමණක් බව චීනයේ ෂීජියෑන් වූයූ ඇනිමල් බි්‍රඩින් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මගින් දැනුම්දී ඇත.
තම සමාගම චීනයේ කීර්තිමත් සත්ත්වෝද්‍යාන පවත්වාගෙන යන සමාගමක් බවත් ශ්‍රී ලංකවේ විශාල ලෙස සිටින රිළවුන්ගෙන් යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් තම සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනයට තැබිය හැකි බවත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා දෙන්නේ නම් රිළවුන් අල්ලාගෙන රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සකස් කළ හැකි බවත් සඳහන් කර ඇත.
එසේම තම සමාගම විවිධ රටවලින් වනජීවීන් ලබාගෙන සිය සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා යොදාගෙන ඇතැයි ද එම ලිපියෙහි වැඩිදුරටත් දක්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...