ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා (අද) සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.
කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වන අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත.
මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල නායකයෝ, තානාපතිවරු ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීහු හා විද්වත් වෘත්තිකයෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.
අනුරුද්ධ බණ්ඩාර
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...