රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරන්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇති බවයි.
මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත.
ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටියදී එහි වැදගත් බොහෝ ආරක්ෂක ස්ථානවල ඡායාරූප වීඩියෝ දර්ශන ජංගම දුරකථන සහ විවිධ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ පුද්ගලයන් අතට පත්වීම මෙන්ම ජාත්‍යන්තරය වෙත ද නිරාවරණය වීය.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ නිලධාරින්ගේ අවධානය යොමු කර ඇතැයි ද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...