දේශීය පුවත්

මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්‍ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්‍ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව පැහැදිලි වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මෙය එය බැංකුව ඇතුළෙන්ම වූ අභ්‍යන්තර සොරකම් බවද, මේ පිළිබඳව රටේ ජනතාව අවශ්‍ය ප්‍රමාණයට අවධානය යොමුකර නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි.

එම අධි ආරක්‍ෂිත ගබඩාව තුළ අපේ රටේ මුදල් පමණක් නොව මහා භාණ්ඩාගාරයට අයිති රන්, රිදී සහ විදේශීය මුදල් නෝට්ටු වැනි මහා විශාල වටිනාකමක් ඇති දේවල් ඇති බවත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒවා සොරකම් කරන්න පුළුවන්නම් ඒවායේ සුරක්‍ෂිතභාවය පිළිබඳව ගැටලුවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සොරකම තවත් මහ බැංකු මංකොල්ලයකට ප්‍රවේශයක් දැයි සැකයකු මතුවන බවද, ඒ සම්බන්ධයෙන් අවංක සහ අංග සම්පූර්ණ විමර්ශනයක් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ද සඳහන් ජී.එල්. පීරිස් මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More