තමා ලබන වසරේදී කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමු කර එය වැඩිදියුණු කිරීමට රුපියල් බිලියනයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජය මෙම වැඩපිළිවෙළට මුලපිරීම සඳහා ඉන්ජිනේරුවන් 10,000ක් හා වෛද්‍යවරුන් 5,000ක් සම්බන්ධ කර ගන්නා බවත්, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තොරතුරු තාක්ෂණ කාර්මිකයන් සහ අනෙකුත් වෘත්තිකයන්ගෙන් සමන්විත දක්ෂ ශ්‍රම බළකායක් අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා පවසයි.
රජය දැනට වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතන 400ක් පමණ පවත්වාගෙන යන බවද, පුහුණු ශ්‍රමිකයන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා සේවා මුර දෙකක් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශය හවුල් කර ගැනීමටත් අවශ්‍ය වී ඇති බවද ඔහු පවසයි.
ඒ අනුව රටේ ව්‍යාපාරිකයන් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය දා (අප්‍රේල් 20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...