දකුණු අප්‍රිකානුවන් ලොව අංක දෙකේ ටෙස්‌ට් කණ්‌ඩායම බවට ශ්‍රේණිගතව සිටියත් ගාලු ක්‍රීඩාංගණයේදී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 126 කට සීමා කර දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ලකුණු 161 ක වාසියක් සමඟ දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව තරගයේ දෙවැනි දිනට (13 දා) නවතා දමන විට කඩුලු 04 කට ලකුණු 111 ක් ලබා සිටියේය. පළමු ඉනිමේ වාසියත් සමඟ ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 272 ක් ඉදිරියෙන් පසුවේ.
ශ්‍රී ලංකාව සමඟ ටෙස්‌ට් තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව (126) ඊයේ වාර්තා විය. මීට පෙර 2011 දී ඩර්බන්හිදී පැවැති ටෙස්‌ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 168 කට දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව හමුවේ දැවී ගොස් තිබුණි. තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල එම තරගය ලකුණු 208 කින් ජය ගත්තේය.
කල්තියාම දඟපන්දු යවන්නන්ට උචිත තණතීරුවක් ගාල්ලේ දිස්‌වෙද්දී ශ්‍රී ලංකාව තනි වේග පන්දු යවන්නකු සමඟ සටන පිවිසිය ද සුරංග ලක්‌මාල් නායකයා වුවත් ඕවරයක් යෑවීමට පන්දුව අතට ගැනීමට 37 වැනි ඕවරය වන තෙක් බලා සිටීමට සිදුවිය. ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත් සහ ලක්‍ෂාන් සඳකැන් එක්‌ව ඒ වනවිටත් කඩුලු හයක් ඩැහැගෙන තිබුණි. ලක්‌මාල් පැමිණ යෑවූ පන්දු ඕවර 4.3 ඇතුළත කඩුලු තුනක් දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ව තවත් අගාධයකට තල්ලු කර දැමුවේය.
scorebod
පළමු දින දෙක තුළදී ගාලු තණතීරුවේදී දෙපිලම ලකුණු 524 ක් ලබා ගන්නා අතරවාරයේ කඩුලු 24 ක් බිඳ වැටුණි. එහිදී වේග පන්දු යවන්නන්ට කඩුලු 10 ක් ද දඟ පන්දු යවන්නන්ට කඩුලු 14 ක් වශයෙන් බෙදී යද්දී ටෙස්‌ට් තරගය දින පහකට පෙර අවසන්වීමේ පෙර සලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
දඟ පන්දු යවන්නන්ට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ භීතිකාව කොතරම් ද යන්න පැහැදිලි වූයේ ඊයේ තරගය ආරම්භයට පෙර ඔවුන් පුහුණුවීම් කළ විනාඩි 40 කට ආසන්න කාලය තුළදී පිතිකරුවන් ද පෙර පුහුණුවේ යෙදුණේ දඟයන්ට මුහුණදීමට සූදානම් වන අයුරිනි. ඊයේ සවස් වන විට තණතීරුව තවත් දඟයන්ට උචිත අයුරින් පදම් වෙමින් තිබුණ ද ඊට පෙර එහිදී දක්‌නට ලැබුණේ සාමාන්‍ය දඟ කැවීමක් පමණි.
මුළු ලකුණු සියය පන්නා යැම ද දකුණු අප්‍රිකානුවන් අභියෝගයක් වූ අතර ඔවුන්ගේ නායක µµa ඩුප්ලෙසිස් ලකුණු 49 ක් ලබා ගනිමින් තරමක සහනයක් කණ්‌ඩායමට ලබාදීමට සමත් විය. ඊයේ 34 වැනි උපන්දිනය සැමරූ ඩුප්ලෙසිස් ලකුණු 19 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කළ ද එය විනිසුරුවරයා නිෂ්ප්‍රභ කළේ පන්දු යවන හේරත්ගෙන් ඉල්ලීමක් නොතිබූ බැවිනි. නමුත් ස්‌ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉතා විශ්වාසයකින් එය දැවී යැමක් ලෙස ඉල්ලා සිටිය ද හේරත්ගේ අදහස වූයේ පිත්තේ පන්දුව ගැටුණ බවයි. ශ්‍රී ලංකා පිල විනිසුරුගේ තීරණයට අභියෝග කරමින් රිවිව් අවස්‌ථාව ලබා ගත්තේ නම් එය නිසැක දැවී යැමක් බව පුනරූපණවලින් නිගමනය විය. එසේ වූවා නම් දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුණු සියයට පහළින් නවතා ගැනීමට අවස්‌ථාවක් තිබුණි.
දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් මුල සිටම ලකුණු ලබා ගැනීමේ උනන්දුවක් පෙන්නුම් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිල ෂම්සිගේ පන්දුවකට දණ නවා ෂෝට් µයින් ලෙග් කලාපයට එල්ල කළ පහර පහසු උඩපන්දුවක් ලෙස ඇදී යද්දී ටෙම්බා බවුමා විසින් එය බිම දැමුවේය. එම ප්‍රසාද දීමනාවෙන් වාසියක් ලබා නොගත් ගුණතිලක මහරාඡ්ගේ පන්දුවකට ඉදිරියට හයේ පහරක් ගැසීමට ගොස් ලෝන් ඕන්හි සිටි රබාඩා අතට උඩපන්දුවක් දී පිටියෙන් ඉවත් වන විට පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 51 කට සීමා විය. ධනංජය ද සිල්වා ද පන්දු 12 කදී හයේ පහරක් සමඟ ලකුණු නවයක් ලබා සිටියදී මහරාඡ්ගේ දෙවැනි ගොදුර බවට පත්විය. ශ්‍රී ලංකාවේ තෙවැනි කඩුල්ලත් උදුරාගත් මහරාඡ් කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත්තේය.
පළමු ඉනිමේ මෙන් දෙවැනි ඉනිමේදී ද ශ්‍රී ලංකාවේ නැංගුරම වූ දිමුත් කරුණාරත්න පන්දු 80 කදී හතරේ පහර හතක් සමඟ ලකුණු 60 ක් ලබා ගත්තේය. රබාඩාගේ පන්දුවකට කරුණාරත්න පළමු ස්‌ලිප්හි සිටි අම්ලා අතට උඩපන්දුවක් දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 92 ක් ලෙස සටහන් විය. දිනය නිමා වනවිට ඇන්ජලෝ මැතිව්ස් (14) සහ රොෂේන් සිල්වා (10) කඩුල්ලේ රැඳී සිටිය අතර නම් දැරූ පිතිකරුවකුට ක්‍රීඩාගාරයේ ඉතිරිව සිටින්නේ නිරෝෂන් දික්‌වැල්ල පමණි. නමුත් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 101 ක සබඳතාවකට දායක වූයේ අවසන් පිතිකරුවන් වූ සුරංග ලක්‌මාල් සහ ලක්‍ෂාන් සඳකැන්ය. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු සියයකට වැඩිය ලබා ගතහොත් එය දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත අභියෝගයක් වනු නිසැකය.
ලකුණු පුවරුව >මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...