ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාව ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ “විශේෂ නියෝගයක් ලබාගැනීම සඳහා වන ප්‍රතිපාදන ප්‍රකාරව”ඉදිරිපත් කළ පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු වන අතුල ද සිල්වා, මාධ්‍යවේදිනියකු මෙන්ම දේශපාලන විශ්ලේෂිකාවක් ලෙස කටයුතු කරන ෂෙනාලි වඩුගේ සහ ප්‍රකට ව්‍යාපාරික ජෙහාන් හමීඩ් මෙම විශේෂ අධිෂ්ඨාන පෙත්සම ගොනු කරනු ලැබ ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත නම් කර තිබේ. නීතීඥ දර්ශන වේරදුවගේ මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම මගින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙසයි.
“දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නම් වූ පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ප්‍රථමයෙන්ම 2023 මාර්තු 17 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ II වන කොටසට නිකුත් කරන ලද 2023 මාර්තු මස 22 දින නිකුත් කරන ලද අතිරේකයේ ඇතුලත් කර තිබුණි. ඉන් පසුව 2023 අප්‍රේල් මස 04 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පාර්ලිමේන්තුවේ නියමය පරිදි නැවත ගැසට් කරන ලද බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් පවසති. පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී දොලවත්ත මහතා විසින් 2023 අප්‍රේල් මස 04 වැනි දිනයේදීම පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව ගැසට් පත්‍රයට ඉදිරිපත් කිරීම විශේෂත්වයක් බව නීතිවේදීහු පවසති. ඒ අනුව එකී පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි කටයුතු කිරීමට පාර්ලිමේන්තුව අවසර දී ඇති බව තමන් විශ්වාස කරන බව පෙත්සම්කරුවෝ පවසති.
එසේම යෝජිත සංශෝධන මගින් දරුවන්ගේ යහපත පිළිබඳව සොයා බැලීමට හා ඒවා ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව පෙත්සම්කරුවෝ පවසති. LGBTQI ව්‍යාපාර පාසල් තුළ ඔවුන්ගේ වැඩසටහන් ප්‍රවර්ධනය කළ හැකි අතර එමගින් පාසල් දරුවන්ගේ නිදහස් තීරණ ගැනීමට බලපෑම් කළ හැකි බව පෙත්සම්කරුවෝ පවසති.එලෙසම අදාල පනත සම්මත වන්නේ නම් සංක්‍රාන්ති ලිංගික දරුවන් බිහි විය හැකි යැයි පෙත්සම්කරුවෝ බිය පල කරති.
යෝජිත සංශෝධනයත් සමඟ HIV/AIDS වසංගතයේ වත්මන් තත්ත්වය උග්‍ර කළ හැකි සමලිංගික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල කර ප්‍රචලිත කළ හැකි යැයි පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පවසති.
එච්.අයි.වී වෛරසය ආසාදිතව ජීවත් වන පිරිමින්ගෙන් බහුතරයක් සමලිංගික හෝ ද්වීලිංගික ක්‍රියාවලට නිරාවරණය වූවන් බවට දේශීය හා ගෝලීය වශයෙන් පැහැදිලි වෛද්‍ය සාක්ෂි තිබෙන බවත් එච්.අයි.වී වෛරසය සම්බන්ධ ඉතිහාසය පිරික්සීමේදී කරුණු සනාත වන බවත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පවසති.
“එවැනි තත්වයක් රාජ්‍යයේ ආරක්ෂාව අනතුරේ හෙළනවා. මන්ද එවැනි පනතක් සම්මත වීමෙන් ඇතිවන තත්වය විසින් රාජ්‍යයක පැවැත්ම සහතික කිරීම පිණිස නිර්මානය කර ඇති සියලු වියමන්, එනම් පුද්ගලයන්, පවුල්, ප්‍රජාවන්, ආර්ථික සහ සමාජ-දේශපාලන ආයතන පමණක් නොව ඒවායෙහි ආරක්ෂාව සහතික කරන හමුදා සහ පොලිස් බලකායන් පවා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා.”, පෙත්සම්කරුවෝ වැඩිදුරටත් පැවසූහ.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය (සංශෝධිත ) පනත් කෙටුම්පතේ 2(ඉ ) වගන්තිය මගින් සංශෝධනය කිරීමට යෝජිත බව පෙත්සම්කරුවෝ කියා සිටියහ. වයස අවුරුදු 16ට අඩු දරුවන් ලිංගික සූරාකෑමට ලක්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා 1995 අංක 22 දරන සංශෝධන පනතේ 17 වැනි වගන්තිය මගින් ව්‍යවස්ථාදායකය විසින් තබා ඇති ආරක්‍ෂාව බරපතල ලෙස ඉවත් කර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කළහ.
ඒ අනුව යෝජිත පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01, 03, 04(ඩී), 12(1), 14(1)(එෆ්), 27(1),27(2)(ඒ), 27(2)( ජී), 27(3), 27(10), 27(11), 27(12) සහ 27(13) වගන්ති බරපතල ලෙස උල්ලංඝනය වන බැවින් පනත සම්මත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ පැහැදිලිව පවසන පරිදි ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වන බවද පෙත්සම්කරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...