මුහුණු පොතෙන්

නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය.

නකලස් ලෝක උරුමයට හානියක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවද මහානාම මහතා සඳහන් කළේ ඊයේ (12දා) මධ්‍යම පරිසර අධිකාරියේදී නකල්ස් රක්ෂිතය පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

නකල්ස් රක්ෂිතයට ආසන්නව පිහිටි රාජ්‍ය වැවිලි සමාගමට අයත් පාඩු ලබන වතු සඳහා විවිධ අයෝජන ව්‍යාපෘති කැඳවා ඇති අතර, ඒ සියල්ල අතරින් නකල්ස් රක්ෂිතයට බලපෑමක් ඇති නොකරන ව්‍යාපෘති සඳහා පමණක් අවසර ලබාදෙන බවත්,ඉතිරි සියලු ව්‍යාපෘති පරීක්ෂාකර අවලංගු කරන බවත් සභාපතිවරයා කීවේය.

“දුම්බරමිටියාවතේ නකල්ස් රක්ෂිතයට හානියක් වෙන්න දෙන්නේ නැහැ.වරද වුණේ අපෙන් නෙවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සම්බන්ධන්ධීකරණයක් තුළින් නකල්ස් රක්ෂිතය පිළිබඳ අපට නිශ්චිතව පෙන්වලාදීලා තිබුණේ නැහැ.

නකලස් සීමාවේ කණු දාලා තිබුණා. අපි ඒ සීමාව පමණයි දැනගෙන හිටියේ සීමාව කියලා. නමුත් පරිසර සංවිධාන කිව්වා එතැන පමණක් නෙවෙයි තවත් කිලෝමීටරයක් විතර ආරක්ෂක කලාපයක් තිබෙන බව. වනසංරක්ෂණ එකෙන් ඒක ඇහුවාම කිව්වා එයාලා තාම ඒක හඳුනාගෙන නැහැ කියලා කිව්වා. පසුව අපි මේගැන හොයලා බැලුවා.

මිඩ්ලන්ඩ් වතුයා‍ගේ අක්කර 25 ක් ආයෝජනය සඳහා අන්තර්කාලීන ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. එයින් ඉතාම පුංචි කොටසක් විතරයි නකල්ස් සීමාවට අයිතිවෙන්නේ.ඒක දැනගත් සමගම අපි අත්සන් කරලා තිබුණු අන්තර්කාලීන ගිවිසුම් සියල්ල අහෝසි කළා.

හෙයාර්පාක් වත්තේ අක්කර 1600ක විතර ප්‍රමාණයක් තිබෙනවා. වාර්ෂිකව මේ වත්තෙන් රුපියල් කෝටි 05ක පමණ අලාභයක් රජයට දරන්න වෙලා තියෙනවා. ආයෝජකයෙක් වත්තම ඉල්ලලා තිබුණා. කුකුළු කොටු ව්‍යාපාරයක් කරන කෙනෙක් තමයි එය ඉල්ලලා තිබුණේ.

නමුත් හෙයාර්පාර්ක් ඉල්ලුවේ කුකුළු කොටු දාන්න නෙවෙයි. කිරිහරක් ව්‍යාපෘතියක් පටන්ගන්න තමයි මේ භූමිප්‍රමාණය ඉල්ලලා තිබුණේ. නමුත් හෙයාර්පාර්ක් වත්තේ වැඩිප්‍රමාණයක් නකලස් ලෝක උරුමයේම කොටසක් බවට අයිති තත්ත්වයට පත්වෙලා තියෙනවා කියලා හඳුනාගත්තා. ඒනිසා එයට අවධානය යොමුකරලා හෙයාර්පාර්ක් වත්තේ යෝජනාවලියත් නතර කරන්න තීරණය කළා.

රාජ්‍ය වැවිලි සංස්ථාව මේවනවිට නකල්ස් කලාපයේ ඉඩම් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් අත්සන් කරලා හෝ කිසිදෙයක් කරලා නැහැ. නමුත් මේවනවිට ව්‍යාපෘති 46කට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. නකලස් සීමාව ඇතුළෙ ව්‍යාපෘති කරන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඇමතිතුමා කැමතිත් නැහැ ඒකට. නකලස් රක්ෂිතයට හානියක් නොවෙන්න තිරසර සංවර්ධනයට දායක වන කෘෂිකාර්මික ව්‍යාපෘති මේ වතුවල කරන්න අයිතිය තියෙන්න ඕන කියලා මම කියන්න කැමතියි.

අඩුපාඩු පෙන්වලා දීම ගැන අපි අගයකරනවා. නකල්ස් රක්ෂිතයට අදාළ එක බිම්අඟලක්වත් දීලානැහැ. එහෙම කරන්නෙත් නැහැ. ඉතාම හොඳ කෘෂිකාර්මික යෝජනා ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් දුන්නා කියලා හානියක් වෙන්නේ නැහැ. ඒත් නකල්ස්ලෝක උරුමයට අබමල් රේණුවකවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි” යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More