යුක්‍රේනය කේන්ද්‍ර කරගනිමින් රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් යුද වැදී 2023 පෙබරවාරි 23 වනදාට හරියටම වසරක් පිරුණි. එහෙත් යුක්‍රේනය සම්බන්ධ සැබෑ සමාජ ඓතිහාසික විග්‍රහයක් මේ දක්වා ලාංකේය සමාජය හමුවේ දිග හැරී නැත. එම අඩුව පුරවාලනු වස් ලංකා ලීඩ් වෙබ් අඩවිය Oliver Stone නිර්මානය කළ “Ukraine on Fire” නම් යුක්‍රේනය පිළිබඳව සැකසුනු වෘත්තාන්ත චිත්‍රපටය පාදක කරමින් අප පාඨකයා වෙනුවෙන් මෙසේ පෙළ ගස්වමු. අමෙරිකානු උවමනාව වෙනුවෙන් පෙළ ගැසුනු සංවිධානයකට තම රටට කළ හැකි හානිය මනාව පිළිබිඹු කරන මෙම වෘතාන්ත චිත්‍රපටිය දැවැන්ත ඓතිහාසික නිර්මානයකි.
යුක්‍රේනය යනු දැවැන්ත අභිමානවත් ඉතිහාසයකට උරුමකම් ඇති විශේෂිත භූමියකි.යුක්‍රේනය සතුව පොහොසත් ඉතිහාසයකට අමතරව අලංකාරවත් පරිසරයක් මෙන්ම ඉතිහාසය පුරාවටම අසීමිත කැපකිරීම් කළ මිනිසුන්ගෙන් සමන්විත වූ භූමියක් වන්නේය. යුක්‍රේනයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ නැගෙනහිර අර්ධගෝලය සහ බටහිර අර්ධගෝලය හමුවන රේඛාවේ පිහිටි මායිම් භූමියක් වීමයි. යුක්‍රේනයේ ජාතික ධජයේ ඇති නිල් පැහැයෙන් ගුවනත් රන්වන් පැහැයෙන් සශ්‍රීකත්වයෙන් පිරුණු අසීමිත තිරිඟු වගා භූමියත් නිරූපනය කරනු ලබයි. වෙනත් විදියකින් කිවහොත් ජාතික ධජයේ රන්වන් පැහැය ආහර බහුලත්වය නිරූපනය කරනු ලබයි.යුක්‍රේනය පිහිටීම නිසා ඉතිහාසය පුරා විවිධ රටවල සිටි බොහෝ ඒකාධිපති පාලකයන් යුක්‍රේනය තමන්ට ලැබිය යුතු වටිනා තෑග්ගක් ලෙස හඳුනාගත් බව ඉතිහාසය පිරිසික්සීමේදී තහවුරු වේ. ඒ අනුව යුක්‍රේනය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා විවිධ ජාතීන් ලේ ගංගා හලා තිබෙනවා.ඉතිහාසයපුරා බටහිර අධිරාජ්‍යවාදී නායකයන් නැගෙනහිර අත්පත් කර ගැනීමට යන ගමනේදී අනිවාර්යෙන් හමුවන භූමියක් ලෙස යුක්‍රේනය හඳුනාගත් බව තහවුරු වේ.ඒ අනුව 1914 සිට 1918 දක්වා පැවැති පළමු ලෝක සංග්‍රාමයේදීත් 1939 සිට 1945 දක්වා පැවැති දෙවෙනි ලෝක සංග්‍රාමයේදීත් අධිරාජ්‍යවාදීන්ගේ භයානක යුද ක්‍රීඩාව වෙනුවෙන් යුක්‍රේන ජනතාව විශාල මිලක් ගෙවනු ලැබූ බව කියවේ. වරක් මාක් ට්වේන් නම් දාර්ශනිකයා පවසා සිටියේ ඉතිහාසය නැවත නැවතත් සිදු නොවන නමුත් අනිවාර්යෙන්ම අනුනාද වන බවයි. ඒ අනුව යමෙක් ඉතිහාසය ගැඹුරු අධ්‍යයනයකට ලක් කරනු ලබන්නේ නම් 1941 වර්ෂයේ සිදුවූ සිදුවීම් 2014 වර්ෂයේදී අනුනාද වූ බව වටහා ගත හැකිවේ.එම අවස්ථා දෙකෙහිදීම බේරී සිටීමට නම් යුක්‍රේන ජාතිකයන් උපායශීලී ඥානය ගැඹුරින් ප්‍රගුණ කළ යුතු අයවලුන් යුතු වූවා. කෙසේ වුවද යුක්‍රේන ජාතිකයන් කාලානුරූපීව පැති මාරු කිරීමේ කලාව ප්‍රගුණ කර තිබුණා.17 වන ශතවර්ෂයේ මැද භාගයේදී යුක්‍රේන නායකයෙකු වූ බොග්දාන් හිමල්නිට්ස්කි (1648-1657) (Bogdan Himalnitsky) පෝලන්තය සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුම කඩ කරනු ලැබුවා. එහිදී ඔහු වඩා බලවත් රුසියාව සමඟ සිටගනු ලැබුවා. එයින් යන්තමින් වසර 50කට පසුව රුසියානු ස්වීඩන යුද්ධය පැන නගුනු විට එවකට යුක්‍රේනයේ බලයේ සිටි අයිවන් මැසාපා (1687-1708)( Ivan Mazzepa) රුසියාව සමඟ තිබූ ගිවිසුම් කඩකර ස්වීඩන් ආක්‍රමනිකයා සමඟ එක් වූවා.ඒ අනුව යුක්‍රේනයේ ඉතිහාසය ලියා ඇත්තේ තුන්වෙනි පාර්ශවයකින් මිස යුක්‍රේනියානුවන්ම නොවෙයි. සෝවියට් විප්ලවයේ ඵල සමස්ත ලෝකජනයාට භුක්ති විඳීමට ඇති අයිතිය පෙරදැරි කොට කෙතරම් මිලක් ආපසු ගෙවීමට සිදු වුවද සෝවියට් රුසියානු සංගමය මානුෂීය පදනම මත 1918 දී බ්‍රෙස්ට් ලිට්වොස්ක් (Brest-Litovsk) ගිවිසුම අත්සන් කරනු ලැබුවා. එමගින් යුක්‍රේනය ජර්මානු ආරක්ෂක කළාපයක් බවට පත් කරනු ලැබුවා.
යුක්‍රේන ඉතිහාසය තුල වන යුක්‍රේනයේ ඉරණම වෙනස් කළ අනෙක් වැදගත් ඓතිහාසික ගිවිසුම වන්නේ 1939 දී අත්සන් කළ මොල්ටෝව්- රිබෙන්ට්‍රොප් ගිවිසුමයි. මෙවැනි ගිවිසුම් රාශියක් නැගී එන ජර්මනිය යුරෝපා රටවල් සමඟ එම වකවානුවේදී අත්සන් කරනු ලැබුවා. ඒවායේ මුඛ්‍ය පරමාර්ථය වූවේ බලවත් වන නාසි තර්ජනයෙන් තම රටවල් ආරක්ෂා කර ගැනීමයි. එවකට සෝවියට් සංගමයේ ජනාධිපති වූ ජොසොෆ් ස්ටාලින් ජර්මන් ජනාධිපති සමඟ ආක්‍රමණය නොකිරීමේ ගිවිසුමක් පවා අත්සන් කිරීමට සාකච්ඡා කරමින් සිටියා. එකිනෙකාට සාමය සම්බන්ධයෙන් පොරොන්දු දෙමින් එවකට සෝවියට් සංගමයේ විදේශ අමාත්‍ය සහ ජර්මනියේ විදේශ අමාත්‍ය මොල්ටෝව්- රිබෙන්ට්‍රොප් අතර නැගෙනහිර යුරෝපයේ භූගෝලීය සිතියම පවා නැවත සකස් කිරීමට සාකච්ඡා කරනු ලැබුවා. මෙය සෝවියට් රුසියානු ගෝලයටත් ජර්මානු ගෝලයටත් නැගෙනහිර යුරෝපයේ මධ්‍යගත වීම සිදුවීමට නියමිත වූවා. ඒ අනුව කල් නොයවාම දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන මොල්ටෝව්- රිබෙන්ට්‍රොප් අතර ගිවිසුම අත්සන් කරනු ලැබුවා. ඒ අනුව පෝලන්තය දෙකඩ වූ අතර 1939 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර පෝලන්තය බටහිර යුක්‍රේනය ලෙස ස්ථාපිත වූවේ සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ සාමාජිකයෙකු බවට පත් වෙමිනුයි. නමුත් මෙම භූමිය සහ ජාතිය බෙදීමට ලක්කළ නිර්භීත තීරණයෙන් පවා සිදු වූවේ ජර්මනිය තම ගිවිසුම් කඩා බිඳ දමා සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම තරමක් කල්ගත වීම පමණයි.
එතෙක් මෙතෙක් මිනිස් ඉතිහාසය තුළ සිදුවූ දැවැන්තම ආක්‍රමණය වූ බාබරෝසා මෙහෙයුම (Operation Barbarossa) දියත් කරමින් ජර්මනිය 1941 ජූනි 22 වනදා සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුව ආක්‍රමණය කරනු ලැබීය. බාබරෝසා මෙහෙයුම සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවේ ශාන්ත පීටර්ස්බර්ග්, මොස්කව් සහ යුක්‍රේනයේ කියෙව් නගරය නම් අතිශය වැදගත් නගර ත්‍රිත්වය අත්පත් කර ගැනීම අරමුණු කරගෙන තිබුණි. බාබරෝසා මෙහෙයුමේ අවසන් ගමනාන්තයන් අතර ඉතාම වැදගත් ගමනාන්තය වන යුක්‍රේනයේ පිහිටි සාරවත් භූමිය සහ එහි ඇති වටිනා සම්පත් කාර්මිකරණ සහ ආර්ථික සංවර්ධනයේදී අතිශය වැදගත් බව ජර්මනිය හඳුනා ගෙන තිබුණි. සමාජවාදි සෝවියට් සමූහ ආණ්ඩුවට යුක්‍රේනයේ සම්පත් වලට අවතීර්ණ වීම වැලැක්වීම අරමුණු කර ගනිමින් දැවැන්ත වෙඩි බලයක් යෙදවීමට ජර්මනිය කටයුතු කළේය.ඊට ප්‍රතිපක්ෂව සමාජවාදී සෝවියට් සංගමයේ බොහෝ සෝවියට් සභා තම මව්බිමෙහි ආක්‍රමණිකයාට එරෙහිව දේශප්‍රේමී යුද්ධයකට අවතීර්ණ වීමට කටයුතු කිරීම සාමාන්‍ය සිදුවීමක් විය.නමුත් යුක්‍රේනයට බාබරෝසා මෙහෙයුම පහසු ප්‍රති ඉල්ලක්කයක් වූවේ නැත. සත්‍ය නම් යුක්‍රේනය කිසි දිනක ඒකීය රාජ්‍යක් ලෙස නොපැවතීම නිසා ආක්‍රමණිකයාට එරෙහිව යුද්ධයට ජනතාව කැඳවීම පහසු නොවීමයි.
යුක්‍රේන ජනයා නාසි හමුදාව සාදරයෙන් පිළිගනිති
බාබරෝසා මෙහෙයුම සිදුවූ සමයේ බටහිර යුක්‍රේනයේ විසූ ජනතාවගෙන් සාතිශය බහුතරය හිට්ලර්ගේ හමුදාවේ සෙබලුන්ව ආදරයෙන් පිළිගනු ලැබුහ. එම ජනතාව සිතුවේ සමාජවාදී සෝවියට් පාලනයට නතු කළ තමන්ව රැක බලා ගැනීමට එන ගැලවුම්කරුවන් පිරිස ජර්මන් සෙබලුන් බවයි. එනිසා එම ජනයා විවෘතවම හිට්ලර්ගේ හමුදාව සමඟ අත්වැල් බැඳ ගත්තෝය.එහෙත් මේ සුසංයෝගයේ ඇත්ත පරිමානය යුද්ධයෙන් වසර ගණනාවක් යනතෙක් පවා අනාවරණය වූවේ නැත. නමුත් මේ වන විට යුක්‍රේන ජර්මානු සහයෝගිතාවය විසින් ගොඩ නගන ලද සියලුම සේනාංක සහ බලඇණි ජර්මානු හමුදාවට පක්ෂපාතව කටයුතු කළ බව අනාවරණය වී තිබේ. ඒවා අතර මධ්‍යම ආසියාවේ ජනකණ්ඩායමක් වන ගලාතියන්වරුන්ගෙන් සුසැදි එස් එස් බලකාය, නොක්ටිගාල් සහ රෝලන්ඩ් බලකායන් ආක්‍රමනික ජර්මානු හමුදා භට පිරිස් වලට සහයෝගය පල කළෝය. බාබරෝසා මෙහෙයුම ආරම්භ වූ මුල්ම වකවානුව තුළ යුක්‍රේනයේ ගලොචීන (Golocina ) ප්‍රදේශයේ විසූ ජනයාගෙන් 80,000ක පිරිසක් එස් එස් ගැලක්සියන් හමුදාවේ ස්වේච්ඡා බලකායට එකතු වූ බවට සාක්ෂි තිබේ. බාබරෝසා මෙහෙයුම ආරම්භ වී මාස එකහමාරක් වැනි සුළු කාලයක් ඇතුලත එම බලකාය පෝලන්ත ජාතිකයන්ට, යුදෙව්වන්ට සහ රුසියානු ජනයාට එරෙහිව යුක්‍රෙන භූමියේ සිටම මුදාහල අති අමානුෂික ප්‍රචන්ඩත්වයේ පරිමානය ලෝකයට අනාවරණය විය. මෙලෙස වධකයන් බවට පත්වූ එස් එස් ගැලක්සියන් හමුදාවේ ස්වේච්ඡා බලකායේ සෙබළුන් බොහෝ දෙනා යුක්‍රේන ජාතිකවාදීන්ගෙන් සමන්විත 1929 ස්ථාපනය කරනු ලැබූ OUණ් හෙවත් යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ (Organization of Ukrainian Nationalist) සාමාජිකයන් විය. මෙම සංවිධානයේ අරමුණ යුක්‍රේන භූමිය තුළ සම්පූර්ණයෙන්ම වාර්ගික වශයෙන් පිරිසිදු යුක්‍රේන සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සුසැදි යුක්‍රේන රාජ්‍යයක් පිහිටුවීම විය. එම සංවිධානයේ අරමුණු වලට ළඟා වීමට අවශ්‍යය උපක්‍රමය ත්‍රස්තවාදය බව සංවිධානයේ සාමාජිකයන් පිළිගනු ලැබූහ. ඔවුන්ගේ නිළ ධජය කළු සහ රතු වර්ණයන්ගෙන් සමන්විත විය. එහි අර්ථය භූමිය සහ රුධිරයයි. 1940 මුල් භාගයේදී යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ පැවැත්ම අවසන් වීමෙන් පසුව වුවද සංවිධානයේ වඩාත්ම රැඩිකල් ජාතිකවාදී කොටස වන යුක්රේන ජාතිකවාදීන්ට තමන්ගේම නායකයෙකු වූ ස්ටෙෆාන් බන්ඩෙරා මුණ ගැසුනි. ඔහු අත්‍යන්තයෙන්ම අරාබි භාෂාව සහ හීබෲ භාෂාව ඇතුළු පැරණි භාෂා පවුල භාවිතා කරන්නගේ විරෝධියෙකු මෙන්ම කොමියුනිස්ට් විරෝධියෙකුද වූවේය. ඔහු 1941 දී ස්වාධීන යුක්‍රේනයක් ප්‍රකාශයට පත් කළේය. නමුත් ඔහුගේ ජර්මානු සගයන් ඔහුගේ ස්වයං අභිප්‍රෙරණය අනුමත කළේ නැත. එනිසාම දෙවන ලෝක යුද්ධය අවසාන වන තෙක්ම ඔහු රැඳවුම් කඳවුරක රඳවා තැබීමට ජර්මන් හමුදා කටයුතු කළේය. එහෙත් කිසිදු ජන රාශියකට භෞතිකව සහභාගි නොවුනද බන්දේරා තමාගේ මතය යුක්‍රේන සමාජය තුල හොඳින් තහවුරු කරන්නට සමත් වූවේය.
බොහෝ ස්වාධීන ඉතිහාසඥයන්ට අනුව 1941 වර්ෂය අවසන් වන විට යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ සන්නද්ධ අංශය 150000 ත් 200000 ත් අතර යුදෙව්වන් පිරිසක් ජර්මානුවන් විසින් අත්පත් කරගත් යුක්‍රේන භූමියේදී ඝාතනය කිරීමට කටයුතු කර ඇත. ඔවුන් කළ අති අමානුෂීය දැවැන්තම යුදෙව් සංහාරය 1941 වර්ෂයේ සැප්තැම්බර් මස 29 සහ 30 යන දෙදින තුළ කියෙව් නගරයේ බාබි යාර් (Babi Yar) කඳවුරේදී සිදු කරනු ලැබුහ. ” කියෙව් නගරය සහ තදාසන්න ප්‍රදේශ වල වෙසෙන සෑම තරාතිරකම කාකිස්වරු ( යුදෙව්වන්ට අපහාස කිරීමට යොදා ගන්නා අපහාසාත්මක වචනයක් ) සැප්තැම්බර් 29 වනදා පෙරවරු 08 වන විට විස්කොව් සුසාන භූමිය පිහිටි ප්‍රදේශයේ වීදි වලට රැස්විය යුතුයි. එසේ පැමිණෙන අයවලුන් තමන් සතු සියලුම ලියකියවිලි, උනුසුම රඳවා ගැනීමට ගන්නා ඇඳුම් පැලඳුම් පමණක් නොව ඇඳ ඇතිරිලි පවා රැගෙන ආ යුතුයි. මෙම නියෝග පිළිපැදීමට අපොහොසත් වන කුමන තරාතිරමක හෝ කාකියෙකු තැන නොතැන නොබලා වෙඩි ප්‍රහාර වලට ලක්වනු ඇත.” යනුවෙන් යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ සන්නද්ධ අංශය පත්‍රිකා මගින් නියෝග නිකුත් කරනු ලැබූහ. මෙම දෙදින මෙහෙයුම තුලදී යුදෙව්වන් 33,771ක් නාසි හමුදා සහ යුක්‍රේන සන්නද්ධ කණ්ඩායම් විසින් ඝාතනයට ලක් කෙරුණි.වෙනත් කැරලිකාර යුක්‍රේන හමුදාවක් සහ යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ බන්දේරා කණ්ඩායම විසින් මෙහෙයවන ලද තවත් තිරස්චීන ඝාතන මෙහෙයුමක් ජර්මනිය අත්පත් කරගත් පෝලන්තයේ වොලීනියා ප්‍රදේශයේ සහ නැගෙනහිර ගැලීෂියා ප්‍රදේශයේ වර්ෂ 1943 සහ 1944 කාල වකවානුවේදී සිදු කරනු ලැබූහ. එම ඝාතක මධ්‍යස්ථාන වල මෙහෙයුම් මිකෝලා ලෙවිට්(Mykola Lebed) නම් පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද්දේය.මෙහිදී 35,000ත් 60,000ත් අතර යුදෙව්වන් පිරිසක් වොලීනියා ප්‍රදේශයේදී පමණක් ඝාතනයට ලක්කරනු ලැබුවෝඋඅ. එලෙසම 25,000ත් 40,000ත් අතර යුදෙව්වන් පිරිසක් නැගෙනහිර ගැලීෂියා ප්‍රදේශයේදී දැවැන්ත යුදෙව් සංහාරයට ලක්වී දිවි අහිමි කර ගත්තෝය.
ජර්මන් හමුදාවට අනිවාර්යෙන් අත්වන පරාජය අවබෝධ කර ගත් යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය ජර්මනිය සමඟ තිබූ බැඳීම් අතහැර දැමීමට කටයුතු කළේය. එපමණකින් නොනැවති ජර්මන් හමුදා සමඟ මෙන්ම සෝවියට් රුසියානු හමුදා සමඟද සටන් කිරීමට පටන් ගත්තේය. 1943 වර්ෂයේ ජනවාරි මාසයේදී සෝවියට් හමුදා නාසි හමුදාවන් එලවා දැමීමට පහර පිට පහර එල්ල කරන්නට කටයුතු කළේය. එම ප්‍රහාර වලින් යුක්‍රේනයේ ජර්මන් හමුදා යටත් කර ගෙන සිටි ප්‍රදේශ එකින් එක යටත් කරගැනීමට සෝවියට් හමුදා සමත් විය.යුක්‍රේනයේ ජර්මන් නාසි හමුදා යටත් කර ගෙන සිටි අවසන් ප්‍රදේශය වු බටහිර යුක්‍රේනයද යටත් කර ගැනීමට සෝවියට් හමුදා සමත් විය.ඒ අනුව 1944 ඔක්තෝබර් මාසය වන විට සමස්ත යුක්‍රේනයම තම අණසකට ගැනීමට සෝවියට් හමුදාව සමත් විය. එහෙත් බන්ඩේරාගේ අනුගාමිකයන් සෝවියට් හමුදා වලට එරෙහිව ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඒ අනුව යුක්‍රේනයේ ගම්මාන සහ නගර රුධිරයෙන් සේදී යාමට පටන් ගත්තේය. මෙම ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන ජන සමාජය අවුල් සහගත තත්වයකට මෙන්ම අබාධිතයන්ගෙන් පිරී යාමට පටන් ගත්තේය. මෙම ගරිල්ලා යුද්ධය 1950 දශකයේ මැද භාගය වන තෙක් පැවතිනි. ඒ වන විට යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ හවුල්කරුවන් එක්කෝ බන්ධනාගාරගත කර හෝ පලා යාමට බලකර තිබුණි.
පශ්චාත් යුද සමය තුළ යුක්‍රේන නාසිවාදීන්ගේ නැගීම
1945 මැයි 7 වනදා ජර්මනිය කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයට යටත් විය.ඉන් පසුව යුක්‍රේනය සෝවියට් සමූහ ආණ්ඩුවේ කොටසක් ලෙසම පැවතුනි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක බලවතුන් අතර ඇතිවූ සාමය ටික කාලයකට පමණක් පැවතුනි. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සෝවියට් රුසියාව එක් පෙරමුණකට පැමිණ ජර්මන් නාසි හමුදා පරාජය කිරීමට කටයුතු කළද ඛේදජනක ලෙස පසමිතුරන් බවට පත් විය. ඒ සමඟම සීතල යුද්ධය ආරම්භ විය.
අමෙරිකා එක්සත් ජනපදයත් සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවත් අතර පැවැති දේශපාලන ආතතිය වසර 45 ක් පුරාම පැවතුනි. ඒ අනුව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම න්‍යෂ්ටික යුද්ධයක ආතතිය මත එම කාලය පුරාම පැවතුනි. මෙම බල අරගලය තුළ අමෙරිකා එක්සත් ජනපදය, යුක්‍රේනය යුදමය ආර්ථිකමය සහ දේශපාලන වශයෙන් තිබෙන වැදගත්කම හඳුනා ගෙන තිබුණි.ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවා යුක්‍රේන ජාතිකවාදී සංවිධාන කෙරෙහි සමීප ආවේක්ෂණයක නිරත විය. ඒ අනුව සෝවියට් සංගමයට එරෙහිව තොරතුරු ලබා ගැනීමේ මූලාශ්‍රයක් ලෙස යුක්‍රේන ජාතිකවාදී සංවිධානවල සහය දිගටම භාවිතයට ගැනීමට අමෙරිකාව කටයුතු කළේය. Cඓඇ සංවිධානය විසින් මෑතකදී එලියට දමන ලද ලියවිලි වලින් හෙළිදරව් වූයේ Cඓඇ සංවිධානය සහ යුක්‍රේන ජාතිකවාදීන් අතර සමීප සබඳතාවයන් 1946 වර්ෂයේ සිට පවත්වාගෙන් ගොස් තිබූ බවයි. Cඓඇ ලියකියවිලි වලින් පැහැදිලිව අනාවරණය වන්නේ ඔවුන් යුක්‍රේන ජාතිකවාදී සංවිධානය සහ එහි නියමුවා වන ස්ටෙෆාන් බන්දේරා සම්බන්ධයෙන් අත් වැරදීම් සිදුකිරීමට ඉඩ නොතබා ඇති බවයි.1945 සැප්තැම්බර් මාසයේදී අමෙරිකාවේ (යුද )උපාය සේවා සම්බන්ධ කාර්යාලය(The office of Strategic Services) නිකුත් කළ වාර්තාවකට අනුව ස්ටෙෆාන් බන්ඩෙරා දෙවන ලෝක යුද සමයේදී ඔහු කළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබුණි. දෙවන ලෝක යුද්ධය පරාජය වීමත් සමඟම බන්ඩෙරා මෙන්ම අනෙකුත් යුක්‍රේන ජාතික නාසි නායකයෝ යුරෝපයට පැන යාමට කටයුතු කළෝය. ඉහත සඳහන් කළ වාර්තාවලට අනුව Cඓඇ සංවිධානය ඔවුන්ට යුරෝපයට පැන යාමටත් යුරෝපයේ සැඟවී සිටීමටත් උදව් උපකාර කර තිබේ. Cඓඇ සංවිධානය පසුව ආගමන සහ ස්වභාවිකරණ සේවාවට බන්ඩෙරා සහ අනෙකුත් යුක්‍රේන ජාතික නාසිවාදී පිරිස් වෙනත් සෝවියට්වරුන්ගෙන් වෙන් කර සඟවා තබා ගන්නට කටයුතු කිරීමට අවෂ්‍ය ප්‍රතිපාදන සකසා තිබේ.
යුක්‍රේන ජාතික නාසිවරුන් සම්බන්ධ මෙවැනි මෙහෙයුම් වසර ගණනක් තිස්සේ දිගින් දිගටම සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. 1945 වර්ෂයේ සහ 1946 වර්ෂයේ පැවැති නිව්රම්බර්ග් නඩු විභාගයේදී දෙවන ලෝක යුද සමයේදී ජර්මන් රජයේ දේශපාලන, ආර්ථික සහ මිලිටරිමය අංශවලට නායකත්වය දුන් පිරිස් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය. එමගින් නාසිවාදයේ අති අමානුෂික මුහුණුවර ලෝකයට හෙළිදරව් කරනු ලැබුණි. නමුත් යුක්‍රේන නාසිවාදීන් විසින් කළ ඒ හා සමාන වූ අති අමානුෂික මනුෂ්‍ය ඝාතන වාර්තා වුවද ඔවුන්ගෙන් සමහරෙකුට පමණක් නඩු විභාගයට මුහුණ දී දඬුවම් විදීමට සිදුවූ අතර තවත් සමහරුන්ට CIA සංවිධානයේ අනුග්‍රහය මත දඬුවම් වින්දනයට හසු නොවී බේරී සිටීමට හැකි විය. 1954 දී Cඓඇ සංවිධානය යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංගමයේ සාමාජිකයින් සමහරක් කළ මනුෂ්‍ය ඝාතන වලට සමාව ලබාදිමට කටයුතු සම්පාදනය කළේය. CIA සංවිධානයට අනුව යුක්‍රේන ජාතිකවාදී සංවිධානයේ මිලිටරි අංශයේ සාමාජිකයින් සීතල යුද්ධයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිදොස් කිරීම සාධරණ තත්වයකි. යුක්‍රේනයේ වොලීනියා ප්‍රදේශයේ සහ ඝාතක මධ්‍යස්ථාන වල මෙහෙයුම් කටයුතු කළ මිකෝලා ලෙවිට්(Mykola Lebed) නම් පුද්ගලයා 1949 දී අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගිය අතර ඔහු 1989 දී අමෙරිකාවේදී ජීවිතක්ෂයට පත් විය. ඔහු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් හෝ යුද අපරාධ නඩු විභාගයක් පැවැත්වූවේ නැත. ආගමන සහ ස්වභාවිකරණ සේවාව විසින් 1952දී ඔහුට විරුද්ධව ගෙන ආ යුද අපරාධ චෝදනා සියල්ල CIA සංවිධානය විසින් වලක්වා තිබුණි. සමහරවිට යුක්‍රේන ජාතිකවාදී සංගමයේ නායකයා වූ ස්ටෙෆන් බන්ඩෙරා CIA සංවිධානයට අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගැනීමට නොහැකි වන්නට ඇත. එලෙසම KGB ඒජන්තයන් CIA සංවිධානයට වඩා බන්ඩෙරා සම්බන්ධයෙන් සොයා බැලීමේදී වඩාත් දක්ෂ වූවා වන්නට පුළුවන්.යුක්‍රේන ජාතික සංගමයේ නායකයව සිටි ස්ටෙෆාන් බන්ඩෙරා නැමැත්තා ස්ටෙෆාන් පොපල් ලෙස වෙස් වලාගෙන මියුනිච් නගරයේ සැඟවී සිටිද්දී 1959 දී ඝාතනයට ලක් විය. කෙසේ වුවද ස්ටෙෆාන් බන්ඩෙරා යුක්‍රේන ජාතිකවාදයේ සලකුණ ලෙස ස්ථානගතවන්නට තරම් සෘජු අවසථාවක් නිර්මාණය විය. ඔහු යුක්‍රේන ජාතිකවාදී සංගමයේ එකම නායකයා පමණක් නොව වඩාත්ම බලවත්ම නායකයා බවටද පත්වී තිබුණා. කෙසේ වුවද යුක්‍රේනයේ අන්ත දක්ෂිනාංශික ඒකාධිපතිවාදයේ පියා ලෙස සැලකෙන්නේ ඩිමිත්‍රො ඩොන්සොව් (Dmytro Dontsov) වන අතර අන්ද්‍රේ මෙල්නික් (Andriy Melnyk) යුක්‍රේන ජාතිකවාදී සංගමයේ තවත් පාර්ශවයක නායකයෙකු විය. රෝමාන් ෂූහෙවිච් (Roman Shukhevych) යුක්‍රේන කැරලිකාර හමුදාවේ ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. එලෙසම තවත් එවැනි බොහෝ නායකයින් යුක්‍රේන ජාතිකවාදී සංගමයේ කටයුතු වලට විශාල දායකත්වයක් සැපයූ අය වූහ. බන්ඩෙරා සමාජගත කළ භයානක මතවාදයන් කොමියුනිස්ට්වරුන් විසින් සුණු විසුණු කර දමනු ලැබීය. නමුත් එම මතවාදයන් පෝෂණය කිරීමට දායක වූ බාහිර බලවේග සත්‍ය වශයෙන්ම මර්ධනයට ලක් වූවේ නැත.ඒ අනුව වෛෂ සහිත යුක්‍රේන ජාතිකවාදයේ බීජ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යනු ලැබීය. අවාසනාවකට එම බීජ නැවත වතාවක් රෝපනය වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය.
(මතු සම්බන්ධයි)
සැකසුම: ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...