හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝදය රථයක් හා මස්කෙලිය සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතළ ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
අද (14) පස්වරු 2.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් කැන්දකොල්ල වත්ත ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය හැටන් සිට බගන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙලිය සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසියකියා සිටියි.
ත්‍රිරෝද රථයේ රියදුරා බිමත්ව සිටි බව දික්ඔය මුලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පෙලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...