ප‍්‍රධාන පුවත්

ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව මෙම නඩු පළමුව විභාග කිරීමට නියමිත වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

අදාළ නඩු කඩිනමින් සකස් කර නීතිපතිවරයා මඟින් අගවිනිසුරුවරයා ඔස්සේ විශේෂ අධිකරණය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ. පසුගිය සතියේද අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විශේෂ අධිකරණ සඳහා යොමු කරන නඩු කවරේදැයි නිගමනය කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි තීරණයක් මත පළමුවෙන්ම විභාග කරන නඩු ගැන එකඟතාවකට පැමිණි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.දැනගන්නට ඇති අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාගයට ගැනීමට යන්නේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 90ක් නොගෙවීම මඟින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බව කෙරෙන චෝදනාවයි. ගාමිණී සෙනරත් මහතාට එරෙහිව විභාගයට ගන්නට යන නඩුව වන්නේ හයට් රීජන්සි කලම්බු (ග්‍රෑන්ඩ් හයට් කලම්බු) නමැති හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හම්බන්තොට ප්‍රදේශයේ හයට් රීජන්සි නමැති හෝටල් ව්‍යාපෘතියට මුදල් යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට කෙරෙන චෝදනාවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More