GOSSIP

අනුරාධපුර ප්‍රදේශයේදී තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මින් පෙර පවසා සිටියේ මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාද නඩු පහක සැකකරුවෙක් වන බවයි. ඉන් එක නඩුවක් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ නඩුවක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණිය මින් පෙර පොලීසියට සිදු කළ පැමිණිල්ලේ ඔවුන් පවසන අන්දමට දියණියගේ ඇඳුම් ගැලවූ බවට කිසිම තැනක සදහන් කර නොමැති බවයි. මේ පිළිබදව අදහස් දක්වන මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණිය පවසන්නේ තමන් පොලිස් කට උත්තරයට සම්පූර්ණ විස්තරය පැවසූ නමුත් එලෙසට ඇඳුම් ගැලවූ සිදුවීම පොලීසිය විසින් ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බවයි.

තවදුරටත් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ බිරිද පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය නිසා සිය දියණියගේ යෝජිත විවාහයද නැවතුනු බවයි.

මේ අතර නිරුවත් කර පහර දුන්නා යැයි කියන මියගිය පුද්ගලයාගේ දියණියද මාධ්‍යයට අදහස් දැක්වූවා. එහිදි ඇය කියා සිටියේ,

“මල්ලිට විස්සක් විතර වට කරන් ගහනවා කියලා ඇන්ටි කෙනෙක් මට කිව්වා, අන්න ඔයාලගේ මල්ලිට ගහනවා පුතේ යන්න කියලා, ඊට පස්සේ මම යද්දී මම ඇඳන් හිටපු ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගැලෙව්වා, ගලවලා මගේ කම්මුලට එකක් ගහලා මගේ යටිබඩ පාගලා එයාලා මට පෙන්නුවා ශිප් එක ගලවලා.ඊට පස්සේ එතන ඉන්න ඇන්ටිලා වගයක් කෑ ගැහුවා අම්මගේ මාලේ කඩලා කියලා. මම එතනට වැටී වැටී යද්දි චමින්දයි එතන ඉදපු කට්ටියයි ඔලුවට හතර පාරක් ගැහුවා. මේ ඔක්කොම මම පොලීසියට කිව්වා.”

“මාධ්‍ය ප්‍රකාශකතුමා අර විදියේ ප්‍රකාශයක් අපිට කළ නිසා දැන් අපිට ඔක්කොම කමෙන්ට් දානවා, මෙසේජ් දානවා. ගලවපු ඇඳුම් පෙන්නන්නකෝ, මන් ඔයාව බඳිනවා දූෂණය වුනත් කමක් නැ, මේ වගේ සෑහෙන්න බලන්න බැරි ඒවා දානවා. මන් කොහොමද පාරේ බැහලා යන්නේ” යනුවෙනි.

සිදුවීම පිළිබදව නැවතත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹදී ප්‍රකාශ කර සිටියේ කපා කොටා මරා දැමූ පුද්ගලයා විසින් සිදු කරන ලිංගික අතවරයේ වීඩියෝ දර්ශන තිබෙනා බවත් අවශ්‍ය වුවහොත් එම දර්ශනයද මාධ්‍යයට මුදා හරින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More