ඒකාබද්ධ විපක්ෂයේ තොරතුරු ලබාගැනීමට මෙන්ම ඒකාබද්ධ විපක්ෂය භේද කිරීම සඳහා ආණ්ඩුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යොදා ගන්නා බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරයි.
එහි කැඳවුම්කරු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
මේ අතර මහතීර් මොහොමඩ්, ලිකුවාන් යු යන නායකයින් බිම් මට්ටමේ සිට දේශපාලනයට නොපැමිණ ඇති බවත් ඔවුන් නායකත්වට පැමිණියේ එකවරම බවත් ඒ මහතා සඳහන් කරයි
ගොඨාභය රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක නියෝජනය නොකිරීම ජනාධිපති අපේක්ෂකත්වට සුදුසුකමක් බව නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙයි.
ගොඨාභය රාජපක්ෂ මහාතා වැනි පුද්ගලයෙකු නායකත්වය පැමිණියහොත් සොරකම් කිරීමට ඉඩ නොදෙන බව දන්නා නිසා ගොඨාභය රාජපක්ෂ මහාතා විරුද්ධව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විසින් විවිධ ප්‍රකාශ සිදු කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...