දේශීය පුවත්

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නව මහ බැංකු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවත් හිතුවක්කාර සහ අත්තනෝමතික බවක් පෙන්නුම් කරන බවත් අනාවරණය වූ බවද ප්‍රකාශ කළ බව පෙත්සම්කාරිනියකු වූ ජෙහාන් හමීඩ් මහත්මිය පැවසීය.විමල් වීරවංශ, ගුණදාස අමරසේකර සහ ජෙහාන් හමීඩ් ඇතුළු පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙන ලද පනත් කෙටුම්පතේ ඇති නොගැලපීම් සම්බන්ධයෙන්  අගය කිරීමටද කටයුතු කළ අධිකරණය සවිස්තරාත්මක තීරණයක් ලබා දුන් බවද ජෙහාන් හමීඩ් මහත්මිය පැවසීය.

පනත් කෙටුම්පතෙ ඇති 3, 5(2), 14(6), 15, 17, 19, 20, 23(1), 24, 47, 86, 106, 107, 111, 119, සහ 120 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝණය කරණ බව අධිකරණය විශේෂයෙන් හඳුනා ගත් බවද ඇය පැවසුවාය.

ඒ අනුව තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය, ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ සහ රජයේ අවසාන පාලනයට යටත්ව පනත ගෙන එන ලෙසට සහ අදාළ වගන්ති සංශෝධනය කරන ලෙසත් තවත් වගන්ති කිහිපයක් සංශෝධනය කරන ලෙසත් පාර්ලිමේන්තුවට නියෝග කළේය.

කෙසේ වුවද පෙත්සම්කරුවන් මෙම පනතට විරුද්ධ නොවූයේ නම්, එහි සියලු නොගැලපීම් සහ උල්ලංඝනය කිරීම් සහිතව පනත සම්මත වීමට ඉඩ තිබූ බව නීති විශාරදයෝ පවසති.

තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ජෙහාන් හමීඩ් මහත්මිය මෙම තීරණය පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළේ එය නීතියේ ආධිපත්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස පවසමිනි. මහ බැංකු පනතේ සංශෝධන මගින් රටේ මූල්‍ය ක්‍රමයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරන බවත් මහ බැංකුව විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීම හෝ අත්තනෝමතික තීරණ ගැනීම වැළැක්විය හැකි බවත් ඇය විශ්වාස කරන්නීය.

නීතිමය ක්‍රියාවලිය පුරාම නොසැලෙන සහයෝගය සහ කැපවීම සම්බන්ධයෙන් ඇයගේ නීතීඥ කණිෂ්ක විතාරණ මහතාට මෙන්ම ගුණදාස අමරසේකර විමල් වීරවංශ ඇතුලු අනෙකුත් පෙත්සම්කරුවන්ට සහ ඔවුන්ගේ නීතිඥ කණ්ඩායමට ස්තූති කිරීමට ද හමීඩ් මහත්මිය කටයුතු කළාය.

මේ අතර නීති විශාරදයින් පෙන්වා දෙන්නේ මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට සහ එය නියාමනය කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ සම්මත කරන ලද නීති එහි විධිවිධානවලට අනුකූල බව සහතික කිරීමේ වැදගත්කම මෙම තීන්දුව මගින් තහවුරු කරන බවද නීති විශාරදයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More