විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය විවේචනයට ලක් කර ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි. දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී යෑමත් බියට පත්වීමත් ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ජනාධිපති ඔබාමා ඇමෙරිකා ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ප්‍රසිද්ධියේ සිදු කරන දාමරිකම්, අයුතු බලපෑම්, හිරිහැර සහ පූර්ව මතවලට පැමිණෙමින් කරන පක්ෂපාතීකම් ආදිය දැඩි ලෙස විවේචනය කිරීමට හිටපු ජනාධිපති බුෂ් කටයුතු කර තිබේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ස්ථාන දෙකකදී මෙසේ චෝදනා කර ඇති අතර ඒ කිසිදු අවස්ථාවකදී ඔවුන් දෙදෙනා වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ නම ප්‍රකාශ කර නැතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා නිරන්තරයෙන් විවේචනය කරන ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (20) හවස් වනතුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමක් කර නොතිබිණි.

ධුරයෙන් නික්ම යන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරු සාමාන්‍යයෙන් සහ සාම්ප්‍රදායිකව තමන්ගෙන් පසු ධුරයට පත්වන්නා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළැකි සිටිති. එහෙත් ඔවුහු තමන්ගේ ධුරයට පත්වන්නාට නික්ම යන අවස්ථාවේදී සුබ පැතුම් එක් කරති. ඒ අනුව බුෂ් ජනාධිපතිවරයා ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපතිධුරයට පත්වූ සුබ පැතුම් එක් කළ අයුරින්ම හෙතෙම ධුරයෙන් නික්ම යද්දි නව ජනාධිපති ලෙස පත් වූ ට්‍රම්ප්ට සුබපැතුම් එක් කළේය.

‘ඔබාමාකෙයා’ රක්ෂණාවරණය අවලංගු කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා උත්සහ කළ අවස්ථාවේ සිට හිටපු ජනාධිපති බැරක් ඔබාමා තම නිහඬතව අවසන් කරමින් ට්‍රම්ප් පරිපාලනය විවේචනය කළේය. එම අවස්ථාවේදී පමණක් නොව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ‘මුස්ලිම් තහනම’ සහ ‘පැරිස් ගිවිසුමෙ’න් ඉවත්වීමට තීරණය කළ අවස්ථාවේදීත් බැරක් ඔබාමා ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ඔබාමා පරිපාලනය සමයේදී අත්සන් තබන ලද ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ ඉරා දමන බවට ද තර්ජනය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට පෙර දිනෙක උතුරු කොරියා අර්බුදය කලින් විසඳීමට කටයුතු නොකළ බව පවසමින් ඔබාමා, බුෂ් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් විවේචනය කිරීමට කටයුතු කර තිබිණි.

055



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More