ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් වන අතර, මෙම පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ 28 හැවිරිදි තරුණියක් බව සඳහන්ය. වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් යද්දී පොලිසිය පාසල වට කර, වෙඩි තැබීම කළ තරුණිය කොටු කර ගත් බවත්, යටත් වීමට අකමැති වුණු ඇයට පොලිසිය වෙඩි තැබූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
ඇය වෙඩි තැබීම සිදු කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවන බව වාර්තා වේ.
(රොයිටර්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...