පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටුවට ඇත්තේ ඡන්ද ලක්ෂ 49ක් පමණක් බවත් යහපාලන කඳවුරට ඡන්ද ලක්ෂ 76 ලැබී තිබූ බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ රිවිර පුවත්පත හා අදහස් පල කරමිනි.
ඇමතිවරයා එහිදී මෙසේ සදහන් කර ඇත.
‘පළාත් පාලන මැතිවරණයකදී වගේ නොව තීරණාත්මක ජනාධිපතිවරණයකදී විශාල ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි වන අතර ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ද වාර්තා වන බව කවුරුත් දන්නවා.
පළාත් පාලන මැතිවරණයේදී එකසිය විසි පන් ලක්ෂයක ජනකායක් ඡන්දය පාවිච්චි කළ අතර එහිදී ඔක්කොම තුරුම්පු ගසා සියලු සෙල්ලම් දැම්ම මහින්ද රාජපක්ෂ කඳවුරට සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේ ද උපරිම තලයට ගොස් ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 49යි. ඉතිරි ඡන්ද හැත්තෑ හය ලක්ෂයම තිබෙන්නේ 2015 ජනවාරි 08 විප්ලවය කළ අපේ කඳවුර සතුව බව කවුරුත් මතක තබා ගත යුතුයි.
මේ තත්ත්වය හමුවේ 2020 ජනාධිපතිවරනයේදී පළාත් පාලන ඡන්දයටත් වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වන සහ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන විට දිනන අපේක්ෂකයා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 65ක් ලබා ගත යුතුයි. සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේත් කෙළවරටම ගොස් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 49ක් පමණක් ලබා ගත් මහින්ද රාජපක්ෂ කඳවුරට ජනාධිපතිවරණය දිනීමට නම් තව ඡන්ද ලක්ෂ 16ක් සොයා ගත යුතයි.
නමුත් මේ මොහොත වන විටත් අපේ කඳවුර සතුව ඡන්ද ලක්ෂ 76ක් තිබෙන අතර ජනාධිපතිවරණය වගේ තීරණාත්මක සටනකදී ඒ සංඛ්‍යාව තවත් ඉහළ යනවා විනා අඩු නොවන බව අප කවුරුත් දන්නවා.එහෙම වුණාම මහින්ද රාජපක්ෂ කඳවුරට ඒ අයට වශය ඡන්ද ලක්ෂ 16 සොයා ගන්න සිදු වෙන්නේ අලුතින් ඡන්ද මවලා හෝ වදාලා තමයි’
– rivira
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...