පුරවැසි කොලම

වීරයට ළං වෙලා බලමු

March 25, 2023 3:19 pm | Lanka Lead News

ඉංග්‍රිසි කියමනක් තියෙනවා Never Meet your hero කියලා.

සාලිය පීරිස් මහත්මයා නික්ම යනවා. යන්නේ නම් නීතීඥ සංගමයේ සභාපති කමින්. ඒත් යන්නේ කොහාටද කියලා දන්නේ නෑ. එතුමාගේ නික්ම යෑමට කවී සී පද විරහ ගී ගොඩක් ලියවිලා තිබුණා. එතුමා අපේ වෘත්තිය කේෂේත්‍රයේ ජනප්‍රිය තරුවක්. අති විශාල කණිෂ්ඨ නීතීඥවරුන් පිරිසකට මග කියපු නීති විද්‍යාල ප්‍රවේශ පංති සහ ලන්ඩන් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා හරහා අලුත් කඩේ කූල්ටූර් පරපුරේ සිට එහා කෙලවරේ මහේස්ත්‍රාත් උසාවිය දක්වා ගෝල පරපුරක ගෞරවය දිනා ගත්ත කෙනෙක්. මමත් එතුමාගේ නීති විද්‍යාල ප්‍රවේශ ශිෂ්‍යයෙක්.

අද එතුමා ගැන කියවෙන දේවල් අර චම්පික රණවක මෑතක කියන වචනවලින් ගත්තොත් “ජනකාන්ත” දේශපාලනයේ කොටසක්. ඒ රැල්ලට පිටින් ගිහින් කතා කරන්න හෝ ලියන්න යන එක වට කරගෙන ඉල්ලන් කෑමක්. නීතීඥයෝ කියන්නේ මේ සමාජයේම හරස් කඩක් මිස අතිවිශේෂ සත්ව වර්ගයක් නොවන හෙයින් මට එහෙම උනත් අරුමයක් නෑ. විශේෂයෙන් සාලිය පීරිස් මහත්තයා නියෝජනය කරපු මතවාදය පහුගිය කාලේ ආණ්ඩු විරෝධිව ගොඩනැගුනු ගෝල්ෆේස් මතවාදය සමග සමපාත වුන නිසා ඔහු රැල්ලේ වීරයෙක් උනා.

අනිත් පැත්තට සාලීය පීරිස් ඇතුලු කන්ඩායම් නියෝජනය කරන මතවාදය සහ ගෝල්ෆේස් උද්ඝෝෂකයන් හා සමපාත වීමෙන් ,කලින් සාලීය පීරීස් නියෝජනය කල මතයේ විජාතිකබව අප දන්නා නිසා, ගෝල්ෆේස් සමීකරණය පැහැදිලියි.

ප්‍රශ්නගත කාරණාව උනේ හරක් කටා වෙනුවෙන් පෙනි සිටින්නට සාලීය පීරිස්‍ ට අයිතියක් නැද්ද කියන කාරණය. ඕනෑම නීතීඥයකුට ගාස්තු ගෙවනවා නම් ඕනෑම සේවාදායකයකු වෙනුවෙන් පෙනි සිටින්න අයිතියක් තියෙනවා. අනිත් පැත්තෙන් නිසි අධිකරණයකින් වරදකරුවකු කරන තෙක් හරක් කටාටත් නිර්දෝෂිබාවයේ පුර්ව නිගමනයේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේන් ආරක්ෂා කර තියෙනවා.

සාලිය පීරිස් නිකම්ම නිකන් නීතිඥයෙක් නෙමේ. ඔහු අතිශයින් දේශපාලනික චරිතයක්. සිවිල් සමාජ, රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම්, USAid කියන්නේ දේශපාලන පක්ෂ නොවුනට ඊට එහාට ගිය දේශපාලන සංරචක. මම කියන්නේ නෑ උපුල් ජයසූරිය වගේ සාලීය පීරිස් නීතීඥ සංගමය එජාපයේ වෘත්තීය සමිතියක් බවට පත් කලා කියලා. ජයසූරියට වඩා සාලීය ස්මාර්ට්. උපුල්ට වඩා සාලිය ලොකු කඳවුරක් නැත්නම් සම්පූර්ණයෙන්ම විජාතික කඳවුරෙම මතවාදය නියෝජනය කරනවා. එජාපය ඉන් කොටසක් විතරයි.

ඔහු කතා කරපු දූෂණය වංචාව නැති ආවිචාරශීලි සමාජයේ දැති පුරුක් තමා හරක් කටාලා. සාලීය පීරිස්ලා කතා කරන යහපාලනය සහ ලිබරල් හර පද්ධතින් නිකම්ම නිකන් මාකර්ටින් කැම්පේන් නැත්නම් මුදල් ගෙවා පල කල දැන්වීම් මිස අව්‍යාජ උවමනාවන් නොවන බව ඉතා පැහැදිලියි.

නීතීඥ සංගමයේ සභාපති වශයෙන් පහුගිය දේශපාලන වියවුල් කාලය තුල සාලීය පීරිස් ඔහුගේ දේශපාලනය වෙනුවෙන් සංගමය උපරිමයෙන් පාවිච්චි කලා. පසුකාලීනව ප්‍රචණ්ඩකාරින්ට එරෙහිව නාම මාත්‍ර නිවේදන නිකුත් කලත් ප්‍රචන්ඩකාරින්ට ඉගිල්ලෙන්න තටු දුන්නේ, නීතිය අතට ගන්න නීතීඥ සංගමයේ ප්‍රකාශ උසි ගැන්වුවා. විශේෂයෙන්ම විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කියලා ගෙන ගිය කැම්පේන් එකේදි සාලීය පීරිස් හිටියේ නීතීඥ භූමිකාවෙන් එහාට ගිහිල්ලා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා තියා බලය අඩු කරන්නත් ජනමතවිචාරණයක් නැතුව බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ගණනාවකින් තහවුරු කරලා තියෙද්දිත් රතුඉර සංවාදයට ආපු සාලීය පීරිස් හොරට නිදාගෙන ප්‍රශ්න වලින් ලිස්සලා ගියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඊට වඩා හරයාත්මක සංවාදයක් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥයන්ටත් කරන්න පුළුවන්. ඔහුගේ දේශපාලන උවමනාව වෙනුවෙන් ජනාධිපති නීතීඥකමත් සංගමයේ සභාපති කමටත් උනේ ලැජ්ජා නැති එකාගේ මහමුදලිකමට වෙච්ච දේ.

සාලීය පීරිස්ගේ විජාතික උවමනාවන් සහ මානව හිමිකම් ව්‍යාපාරය හොඳටම එළියට ආවේ ඔහු අතුරුදහන් උවන්ගේ පුද්ගල කොමිසම් සභාවේ (Office of Missing Persons) සභාපති වශයෙන් කටයුතු කරන කොට. OMP එකම යහාපලන ආන්ඩුව පසු පස හිටපු එන්ජීඕ සහ ඩයස්පෝරා ව්‍යාපෘතියක්. OMP එකෙන් නිකුත් කරපු අන්තර් වාර්තාවෙන් සහ පසුවාර්තා වලින් නිර්දේශ කලා බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ඒරෙහි ප්‍රඥ්ඥප්ති පණත අතීතයට බලපවත්වන පරිදි ක්‍රියාත්මක කරන්න. ඒ නිර්දේශයේ අරමුණ, යහපාලන ආණ්ඩුව ගෙනාපු පනත, ජාත්‍යන්තර මානුෂික අයිතිවාසික ලංකාව තුල බලාත්මක කරමින් රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා දැල එලන එක. සාලීය පීරිස් සහ ඔහුගේ කණ්ඩායම, නවනීදන් පිල්ලේ, යැස්මින් සූකාලගේ දේශිය ඒජන්තයෝ. බ්‍රිත්‍යාන්‍යය හිටපු අගමැති තෙරේසා මේ ට අනුව Human rights and good governance is very profitable business.

නීතීඥ සංගමය ඒවගේ ඒජන්තයන්ගේ අතකොළුවක් නොවි ස්වාධීන මතයක ඉන්න ඔනේ. එහෙම කාලයක් කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ කාලේ තිබුණා. රටේ ප්‍රශ්න ගැන විචාරාත්මකව මැදිහත් වුන.

නීතීඥ සංගමයේ නෙමේ චන්ද කියන්නේ කොහෙත් ඉලක්කම්. ඉලක්කම් වල සත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹුඹු වෙන්නේ නෑ. ලංකාවට ලෝක ශූරතාව දිනා ගත්ත වීරයා අර්ජුන රණතුංග උනාට ඔහුට තාම බැරිවුනා තිලංග සුමතිපාල පරාජය කරලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව-
දේශප්‍රේමි ජාතික පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More