ප‍්‍රධාන පුවත්

මීළඟට ඉදිරිපත් වන ජාතිකවාදී නායකයා පරද්දන්න අනෙකුත් අපේක්ෂකයන් 10 දෙනෙක් එකතු වුණත් නොහැකි වන බව මහාචාර්ය මැදගෙඩ අභයතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කළේ ‘රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය’ මැයෙන් පෙරේදා (10දා) පැවැති සම්මන්ත්‍රණයකදීය.

එහිදී උන්වහන්සේ වැඩි දුරටත් මෙසේද පැවැසීය. ‘‘සතුරා හැමදාම ජයග්‍රහණය නොකළත් ඔහුගේ එක් දිනක ජයග්‍රහණය අපගේ සදාකාලික පරාජයට හේතු වෙනවා. ත්‍රස්තවාදය පරාජය වුවත් බෙදුම්වාදී වැඩපිළිවෙළ 2015දී නව ආකාරයකින් බිහි වුණා. විජයකලා, සම්පන්දන්, ශිවාජිලිංගම් හා විග්නේශ්වරන්ගේ රඟපෑම එකක්. ඒත් භූමිකාව පමණක් වෙනස්. විජයකලාගේ පුල්ලි මතු වුණත් මධ්‍යස්ථ බව කියන සම්පන්දන්ගේ අරමුණත් ඊළම තමයි. ඒ නිසා අප බැලිය යුත්තේ ජවනිකා දෙස නෙවෙයි. නාට්‍යය දෙසයි.“

ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණයේදී නීතිඥ කල්‍යානන්ද තිරාණගම සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතාද අදහස් දැක්වීය.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම

විශේෂ අධිකරණ පිහිටුවන්නෙත් විරුද්ධවාදීන් සිරගත කිරීමටයි. ජනාධිපතිවරණයට තරග කරන්න සිටින අය, ඡන්දෙදි කතා කරන්න ඕන අය සිරගත කිරීමයි ඔවුන්ගෙ අරමුණ. ප්‍රතිවාදීන් නැතිව තරග කරන්නයි ඔවුන්ගේ අදහස.

මාධ්‍යවේදී මොහාන් සමරනායක

ගෝලීය අධිරාජ්‍යවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කීර්තිමත් පුවත්පතක් නෙවෙයි. 2015 ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නැහැ. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රිපාල ජනාධිපති නෙවෙයි. නව ලිබරල්වාදය ගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු සුළුතර කල්ලියක්. ඔවුන්ට ජාතියක්, ආගමක් නැහැ. හැමදේම වෙළෙඳ භාණ්ඩයක් පමණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More