කළු මුහුදට ඉහළ අහසේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් ගැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය.
ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධා එල්ල කළ බව ඇමෙරිකාව පවසන අතර, රුසියාවේ SU 27 ප්‍රහාරක යානා වගකීම් විරහිතව කටයුතු කරමින්, අවස්ථා කිහිපයකදීම ඩ්‍රෝන යානාව වෙත ඉන්ධන මුදාහැර ඇති බව ද සඳහන් කරයි.
මෙයට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසන්නේ ඉතාමත් සමීපයෙන් ගමන් කරමින් සිටියදී යානා එකිනෙක ගැටුණු බවයි.
තම යානා හිතාමතාම ඩ්‍රෝන යානයේ ගැටුණු බවට එල්ල වන චෝදනා ද ඔවුන් ප්‍රතික්ෂේප කරයි.
එමෙන්ම රුසියාව වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩ්‍රෝන යානාව සංඥා මඟ හැරීමේ උපක්‍රම භාවිත කරමින් සිටි බවය.
යුක්‍රේන යුද්ධය මුල්කරගෙන ඇමෙරිකාව සහ රුසියාව මේ වනවිට සීතල යුද්ධයකට මුලපුරා සිටින පසුබිමක විශේෂඥයින් දැනටමත් අනතුරු අඟවා ඇත්තේ මෙම සිදුවීම රාජතාන්ත්‍රික අර්බුදයක් කරා දික්ගැස්සීමේ අවදානමක් පවතින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...