චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ලබන සතියේ මුල මොස්කව් වෙත සංචාරයක් සැලසුම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා විසින් චීන ජනාධිපතිරයාට රුසියානු අගනුවරට ආරාධනා කළ බව ජනවාරි අගදී TASS වාර්තා කර තිබුණ ද එය ක්‍රෙම්ලිනය හෝ බීජිං සංචාරය තහවුරු කර නැත.
චීන ජනාධිපතිවරයා අප්‍රේල් හෝ මැයි මුල මොස්කව් වෙත සංචාරයක් කළ හැකි බව වෝල් ස්ට්‍රීට් ජර්නලය ද පසුගිය මාසයේ වාර්තා කර තිබිණි.
චීන ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය රුසියානු – චීන සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම යුක්රේනය පිළිබඳ බහුපාර්ශ්වික සාම සාකච්ඡා ප්‍රගතිය සහ න්‍යෂ්ටික අවි භාවිතා නොකිරීමේ වැදගත්කම අවධාරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසන්නේ.
චීනය විසින් යුක්රේන – රුසියානු මිලිටරි මෙහෙයුම හෙළා දැකීම ප්‍රතික්ෂේප කර ඇති අතර මොස්කව් වෙත ආර්ථික සම්බාධක ද පනවා නැත. ඒ වෙනුවට, චීනය ඉල්ලා ඇත්තේ නැවත නැවතත් ගැටුමට සාමකාමී විසඳුමක් ය.
පසුගිය සතියේ, චීන විදේශ ඇමති Qin Gang සඳහන් කළේ, මොස්කව් සහ කියෙව් අතර සටන “තීරණාත්මක සන්ධිස්ථානයකට” ළඟා වී ඇති බවත්, සාම ක්‍රියාවලියක් ඉක්මනින් ආරම්භ නොකළහොත් එය පාලනයෙන් මිදිය හැකි බවත්ය.
පෙබරවාරි අගදී, චීනය විසින් යුක්රේනයේ ගැටුම අවසන් කිරීමට සැලසුම් කර ඇති තමන්ගේම කරුණු 12ක් අඩංගු මාර්ග සිතියමක් ද එළිදක්වන ලදී. තත්වය සාමකාමීව විසඳීමට සියලු උත්සාහයන් දිරිමත් කරන ලෙස බීජිං ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...