95 වන ඔස්කාර් සම්මාන උළෙල, ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු බව වාර්තා වේ.
එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ෂයිනර්ට් අධ්‍යක්ෂණය කළ Everything Everywhere All at Once විසිනි.
හොඳ ම නළුවාට හිමි සම්මානය, The Whale චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් විසින් දිනා ගනු ලැබී ය.
හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, Everything Everywhere All at Once චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු, කේ හුයි ක්වාන් (Ke Huy Quan) විසිනි.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කැපී පෙනෙන සිදු වීම වූයේ, ආසියාතික කාන්තාවකට ප්‍රථම වරට හොඳ ම නිළියට හිමි සම්මානය හිමි වීම ය.

ඒ අනුව, Everything Everywhere All at Once චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ මැලේසියානු ජාතික රංගන ශිල්පිනියක වන මිෂෙල් යෝහ් (Michelle Yeoh) විසින් දිනා ගනු ලැබීය.
හොඳ ම සහය නිළියට හිමි සම්මානය ද Everything Everywhere All at Once චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු ජේමි ලී කර්ටිස් විසින් දිනා ගනු ලැබීය.
හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ, ගිලෙර්මෝ දෙල් තෝරෝ (Guillermo del Toro) සහ මාර්ක් ගුස්ටාෆ්සන් (Mark Gustafson) විසින් අධ්‍යක්ෂණය කරන ලද Guillermo del Toro’s Pinocchio චිත්‍රපටය යි.
හොඳ ම කැමරාකරණයට හිමි සම්මානය, All Quiet on the Western Front චිත්‍රපටයේ කැමරා ශිල්පී ජේම්ස් ෆ්‍රෙන්ඩ් විසින් දිනා ගනු ලැබී ය.
හොඳ ම ඇඳුම් නිර්මාණය Black Panther: Wakanda Forever චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පී රූත් කාටර් විසින් දිනා ගනු ලැබී ය.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, Everything Everywhere All at Once චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ, ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ෂයිනර්ට් විසිනි.
හොඳ ම චිත්‍රපට සංස්කරණයට හිමි සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටයේ සංස්කරණ ශිල්පී පෝල් රොජර්ස් විසින් දිනා ගනු ලැබීය.
හොඳ ම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ, ජර්මන් චිත්‍රපටයක් වන All Quiet on the Western Front චිත්‍රපටය යි.
හොඳ ම සංගීතය සඳහා වූ සම්මානය ද All Quiet on the Western Front චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ, වොල්කර් බර්ටෙල්මන් විසින් දිනා ගනු ලැබී ය.

හොඳ ම සංගීතය (ස්වතන්ත්‍ර ගීතය) සඳහා වූ සම්මානය RRR චිත්‍රපටයේ “නාටු නාටු” ගීතය දිනා ගත්තේ ය.
චන්ද්‍රබෝස් විසින් රචනා කරන ලද එම ගීතය සංගීතවත් කරනු ලැබ තිබුණේ, එම්.එම්. කීරවානි විසිනි.
ඒ අනුව, ජනප්‍රිය තෙළිඟු චිත්‍රපටයක් වන RRRහි “නාටු නාටු” ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දියානු චිත්‍රපට ගීතය බවට පත්වෙමින් ඉතිහාසගත විය.
– මව්බිම –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...