දේශීය පුවත්

ගෙවී ගිය සතියේ පැය 48ක් තුල අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන බැංකු දෙකක් කඩා වැටීමෙන් අමෙරිකා එක්සත් ජනපදයේ බැංකු ක්ෂේත්‍රය දෙදරුම්කෑමට ලක්ව ඇති අතර පසුගිය සතිය ඇමරිකානු මූල්‍ය පද්ධතියට කළු සතියක් වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව වඩාත්ම කනස්සල්ලට කරුණ වන්නේ මෙම බැංකු එරට ඊනියා ආර්ථික වර්ධන අංශ දෙකකට සේවය කිරීමයි. එම අංශ දෙක වන්නේ තාක්ෂණික අංශය ( tech sector  ) සහ ගුප්තකේතන මුදල් ( cryptocurrency ) කර්මාන්ත යන අංශයන්ය.
සිලිකන් නිම්නයේ ක්‍රියාත්මක ව්‍යාපාර වලට මුල්‍ය ජවය සපයන SVB මුල්‍ය සමූහය මාර්තු 10 වෙනිදා කඩා වැටීමෙන් පසු ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම (The Federal Deposit Insurance Corporation -FDIC ) යටතට ගනු ලැබීය. මුල්‍ය විශේෂඥයන්ගේ අදහස වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූ 2008 මූල්‍ය අර්බුදයේ අවතාර නැවත පණ ගන්වමින් ෆෙඩරල් ඒජන්සිය බැංකු සමාගමේ පාලනය සියතට ගෙන ඇති බවයි

“සිලිකන් වැලි බැංකුව, සැන්ට ක්ලාරා, කැලිෆෝනියා, කැලිෆෝනිය,  යන මුල්‍ය ආයතන කැලිෆෝනියාවේ මුල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව විසින් වසා දමා   ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව ග්‍රාහකයා ලෙස පත් කරන ලදී” යනුවෙන් ෆෙඩරල් ඒජන්සිය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා  සිටියේය.

“සියලු රක්‍ෂිත තැන්පත්කරුවන්ට 2023 මාර්තු 13 වැනි සඳුදා උදෑසන කාලයෙන් පසුව ඔවුන්ගේ රක්‍ෂිත තැන්පතු සඳහා පූර්ණ ප්‍රවේශය ලැබෙනු ඇත. FDIC විසින් ඉදිරි සතිය තුළදී තම මුදල් රක්ෂණය නොකළ තැන්පත්කරුවන්ට අත්තිකාරම් ලාභාංශයක් ගෙවනු ඇත.එලෙසම තම මුදල් රක්ෂණය නොකළ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ ඉතිරි තම රක්ෂණය නොකළ මුදල සඳහා ග්‍රාහකත්ව සහතිකයක් ලැබෙනු ඇත.” යනුවෙන් නිවේදනය කළේය.

වාර්තා වලට අනුව පසුගිය වසර අවසානයේදී SVB මුල්‍ය ආයතනයේ මුළු වත්කම ඩොලර් බිලියන 209 ක් සහ මුළු තැන්පතු ඩොලර් බිලියන 175 ක් විය. එහෙත් SVB බැංකුව යනු 2008 දී කඩා වැටුණු ” Washington Mutual” බැංකුවට පසුව එක්සත් ජනපද බැංකුවක දෙවන විශාලතම අසාර්ථකත්වය බවට පත් වූ බැංකුව බවට පත්ව තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More