මිසූරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් 2021 වර්ෂයේ මාස තුනක කාලයක් තුඅල නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකදී කෝවිඩ් 19 වෛරසයේ මුල් වෛරස් ප්‍රභේදය වන SARS-CoV-2 ආසාදනය වූ මීයන් නගරයේ මලාපවහන පද්ධති අසල විවිධ ස්ථානවලින් අල්ලා ගත් බව අනාවරණය කළේය.
mBio සඟරාවේ ඊයේ(09) දින ප්‍රකාශයට පත් කරන ලද කලාපයේ පර්යේෂකයන්ගේ අධ්‍යයනයේ වාර්තාව එළිදක්වා තිබුණි. එහි ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ පර්යේෂනයට යොදා ගත් මීයන් 79 න් 13 ක්ම (16.5%) වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණු බවයි. ඒ අනුව නිව්යෝක් නගරයේ මලාපවාහන පද්ධතිය ආශ්‍රිතව සිටින මීයන් මිලියන අටෙන් මිලියන 1.3 ක්ම වෛරසය ආසාදනය වූවන් වන බවයි.
පර්යේෂකයන් සොයා ගත් පරිදි මීයන්ගේ ශ්වසන පද්ධතියේ ඉහළ සහ පහළ ශ්වසන පත්‍රිකා දෙකෙහිම වෛරසයේ ප්‍රභේද වන ඇල්ෆා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද ආසාදනය විය හැකි බව පමණක් නොව, SARS-CoV-2 ආසාදනය කිරීමෙන් පසු එහි නව ධාරකයන්ට අනුවර්තනය වීමටද හැකියාව ඇති බවද හඳුනා ගැනුණි. අනාගතයේදී මෙම ප්‍රභේදයන් නැවත පිටතට පැමිණ මිනිසුන්හට ආසාදනය වීමේ හැකියාව ඇති බවද පර්යේෂන කණ්ඩායම අවධාරණය කර ඇත.
මෙම සොයාගැනීම් “මිනිසුන්ට මීයන්ගෙන් ද්විතියිකව සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව සඳහා මී ගහනය තුළ SARS-CoV-2 තවදුරටත් අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරයි” යනුවෙන් පර්යේෂන කණ්ඩායමේ ප්‍රධාන විමර්ශක හෙන්රි වන් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පැහැදිලි කළේය.
කොවිඩ්-19 වෛරසය වසංගතය ඇති වීමට මූලිකවම චීනයේ වුහාන් හි ඇති වෙළඳපොලක වවුල් මාංශ හරහා මිනිසුන්වෙත සත්ත්ව විද්‍යාත්මක සම්ප්‍රේෂණය සිදු වූ බවයි. කෙසේ වෙතත්, වුහාන් ප්‍රදේශය ආශ්‍රිතව පළමු රෝගීන් කණ්ඩායම හඳුනා ගැනීමට පෙර, 2019 ඔක්තෝම්බර් මාසයේ මුල් භාගයේදී චීනයේ අනෙකුත් ප්‍රදේශවල වෛරසය පැතිරී ඇති බවට පසුකාලීනව ලැබුණු සාක්ෂි මගින් පෙන්වා දී ඇත.එලෙසම පර්යේෂකයන් විශ්වාස කරන්නේ 2019 වර්ෂයේ අවසාන භාගයේදී යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ද කෝවිඩ් 19 වෛරසය ආශ්‍රිත සමහර සිද්ධීන් වාර්තා වූ බවයි.
මේ අතර එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද පරීක්ෂණයකින් නිගමනය වූයේ වෛරසය චීන රසායනාගාරයකින් “කාන්දු වී” ඇති බවයි. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේම පරීක්ෂණයක් උපුටා දක්වමින් බීජිං පරිපාලනය වුහාන් විද්‍යාගාරයෙන් වෛරසය පුපුරා යාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.
කෝවිඩ්-19 ඇති කරන වෛරසයට ගොදුරු වීමේ හැකියාව මීයන් පමණක් අයත් වන්නේ නැත.2020 වර්ෂයේ දී ඩෙන්මාර්කයේ මින්ක් සත්වයන් ලියන 17 ක් පමණ සමූලඝාතනය කරන ලද්දේ එම සතුන්ගෙන් කොටසකට මිනිසුන්ට තර්ජනයක් විය හැකි යැයි අනුමාන කරණු ලබූ නව වෛරස් වර්ගයකින් ආසාදනය වී ඇති බව සොයා ගැනීම හේතුවෙනි. කෙසේ වුවද ඩෙන්මාක් රජය පසුව එම ක්‍රියාව නීති විරෝධී යැයි තීරණය කරන ලදී.
2020 දී සියම් ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් පසු “වක්‍රය සමතලා කිරීම” සඳහා එක්සත් රාජධානියේ රජය නිවැසියන්ගේ සුරතල් බළලුන් සමූහ වශයෙන් සමූලඝාතනය කිරීමට නියෝග කර ඇති බව මෑතකදී අනාවරණය විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...