දේශීය පුවත්

එක්සත් ජනපද ඔත්තු සේවා විසින් ඊයේ(08) සෙනෙට් සභාවේ බුද්ධි කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවේ බටහිර ආධිපත්‍යය දරන ලෝක තත්වයට විශාලතම තර්ජනය බීජිං ආධිපත්‍යය බව පවසා ඇතැයි වාර්තාවේ.

“ලොව පුරා ආර්ථික, තාක්‍ෂණික, දේශපාලනික සහ යුධමය වශයෙන් එක්සත් ජනපදයට වැඩි වැඩියෙන් අභියෝග කරන මහජන චීන සමූහාණ්ඩුව – අපගේ අසමසම ප්‍රමුඛතාවය ලෙස පවතී,” ජාතික බුද්ධි අධ්‍යක්ෂක ඇව්‍රිල් හයිනෙස් සෙනෙට් සභිකයන්ට පවසා ඇතැයිද වාර්තාවේ.

ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විසින් සම්පාදනය කරන ලද වාර්ෂික “තර්ජන” තක්සේරු වාර්තාව චීනයෙන් ආරම්භ වන අතර පිටු 40 ක් වන සමස්ත වාර්තාවෙන් පිටු පහක් චීනය වෙනුවෙන් වෙන් කර තැබීම විශේෂත්වයක් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

බීජින් පාලනය උත්සාහ කරන්නේ “බොහෝ විට එක්සත් ජනපදය හා බටහිර ආධිපත්‍යය දරන ජාත්‍යන්තර සංවර්ධන සහ ආරක්‍ෂක සංසද සහ රාමු වෙනුවට චීනයේ නායකත්වයෙන් යුත් විකල්පයක් ප්‍රවර්ධනය කිරීමටයි” යනුවෙන් ඔත්තුකරුවන් වාර්තා කර ඇති බව එම වාර්තාව පවසයි. චීනය තීරය සහ මාර්ග මුලපිරීම(Belt and Road Initiative ), ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂක මුල පිරීම වැනි වැඩසටහන් භාවිතා කරනු ඇතැයි එම වාර්තාව පුරෝකථනය කරනු ලබයි.මෙමගින් චීනය “පුද්ගල අයිතිවාසිකම් සම්බන්ධයෙන් රාජ්‍යයන් දක්වන ජාත්‍යන්තර සම්මතයන් වෙනස් කර රාජ්‍යයේ ස්වෛරීභාවයට සහ දේශපාලන ස්ථාවරත්වයට අනුග්‍රහය දක්වන වෙනස්කම් ප්‍රවර්ධනය කිරීමේ” ආරක්ෂක මුලපිරීමකට සූදානම් වන බවද එම වාර්තා පෙන්වා දෙයි.

“අර්ධ සන්නායක, දුර්ලභ පෘථිවි ඛනිජ, බැටරි, සූර්ය පැනල සහ ඖෂධ සැපයීමේදී චීනය ‘ගෝලීය සැපයුම් දාමයේ කේන්ද්‍රය’ වේ. බීජින් පාලනය දේශපාලන හෝ ආර්ථික වාසි සඳහා සිය ආධිපත්‍යය දක්ෂ ලෙස භාවිතා කිරීමට’ හැකි වුවහොත්, එක්සත් ජනපද හා බටහිර ආර්ථිකයට “සැලකිය යුතු අවදානමක්” විය හැකිය.” වාර්තාව අවධාරණය කරයි.

කෙසේ වුවද වාර්තාව මගින් සමාලෝචනය කරනු ලබන්නේ චීනය මෙම ආධිපත්‍යය සම්බන්ධයෙන් දරන ආස්ථානය “තමන්ටම සැලකිය යුතු පිරිවැයක් නොමැතිව වුවද, තම අරමුණු ඉටුකර ගැනීමේ උත්සාහයක් ලෙස” භාවිතා කිරීමට හැකියාව ඇති බවයි.

කෙසේ වුවද එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව විශ්වාස කරන්නේ චීනය විසින් රුසියාවට දක්වන සයෝගිතාව “මහජන සහයෝගයට පමණක් සීමා කරනු ඇති” නමුත් එක්සත් ජනපදයට “අඛණ්ඩව අභියෝග කිරීමට උත්සාහ කිරීම” සඳහා මොස්කව් සමඟ “රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක, ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතාව” දිගටම පවත්වාගෙන යනු ඇති බවයි.

වාර්තාවේ ප්‍රකාශයට පත් කරන ලද සංස්කරණය ගෝලීය තර්ජන පිළිබඳ වාර්ෂික සෙනෙට් බුද්ධි කමිටුවේදී ඊයේ ප්‍රසිද්ධියට පත් කරන ලදී. CIA, FBI, NSA, සහ Defense Intelligence Agency   (DIA) හි අධ්‍යක්ෂවරුන් ද මෙහිදී අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

වොෂින්ටනය විසින් “චීනය සර්ව සම්පූර්ණ ලෙස සීමා කිරීම, වටලෑම සහ මර්දනය කිරීම” අරඹා ඇති බව පසුගිය 6වනදා කර්මාන්ත හා ව්‍යාපාරික නායකයින්ගේ රැස්වීමකදී ජනාධිපති ෂී ජින්පින්ග් ප්‍රකාශ කිරීම බීජින් පාලනය එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අසාමාන්‍ය තියුණු විවේචනයක් ඉදිරිපත් කිරීම සන්ධිස්ථානයක් බවට පත් විය.

මේ අතර පසුගිය 7 වනදා චීන විදේශ අමාත්‍ය කින් ගැන්ග් මහතා එක්සත් ජනපදයට අනතුරු ඇඟවූයේ, “දුම් රිය තිරිංග තද නොකර වැරදි මාර්ගයේ වේගයෙන් ගමන් කරන්නේ නම්, කිසිදු ආරක්ෂක වැටකට පීලි පැනීම වැළැක්විය නොහැකිවා මෙන්ම නිසැකවම වාද විවාද සහ ගැටුම් ඇති වනු ඇති” බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More