මහා බ්‍රිතාන්‍යයේ සක්‍රියව පවතින සුළු හා මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර 630,000 ක් පමණ ඉහල යන පිරිවැය හේතුවෙන් මෙම වසරේ වසා දැමීමට සිදුවනු ඇතැයි GoDaddy නම් වෙබ් අඩවියක් විසින් කරන ලද අධ්‍යයනයක් මගින් හෙළි වී ඇතැයි “ස්කයි නිව්ස්” පුවත් සේවය වාර්තා කළේය. යම් හෙයකින් එසේ වුවහොත් බ්‍රිතාන්‍ය ආර්ථිකයට පවුම් බිලියන 12 ක් හෙවත් ඩොලර් බිලියන 14.4ක් අහිමි විය හැකි බවද එම වාර්තා පවසයි.
GoDaddy වෙබ් අඩවිය කළ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් ජීවන වියදම් අර්බුදය හැඳින්වූවේ තමන් මෙතෙක් මුහුණ දී ඇති විශාලතම අභියෝගය ලෙසයි. එලෙසම බලශක්තිය සඳහා ගෙවීමට නියමිත මිල ඔවුන් අවධානය දක්වන විශාලතම ගැටලුව බවද පැවසීය.
GoDaddy වෙබ් අඩවියේ බ්‍රිතාන්‍ය කළමනාකරු ඇන්ඩෘ ගාර්ඩොන් පවසන පරිදි, සාමාන්‍යයෙන් සේවකයින් 10කට වඩා අඩු සමාගම් හෙවත් ක්ෂුද්‍ර ව්‍යාපාර ලෙස හඳුන්වන ව්‍යාපාර බ්‍රිතාන්‍යයේ පුද්ගලික අංශය සතු සියලුම ව්‍යාපාර වලින් 96%ක් නියෝජනය කරයි.
“ඔවුන් එක්සත් රාජධානියේ ව්‍යාපාරවල ජීවනාලියයි. ජීවන වියදම් අර්බුදයේ සෘජු බලපෑම බොහෝ සෙයින් දැනෙන පිරිස අතර ඉදිරියෙන්ම ඔවුන් සිටිනවා.” ඇන්ඩෘ ගාර්ඩොන් පැවසූ බව ස්කයි පුවත් සේවය පවසයි.
මේ අතර, බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සමාගම් බලශක්ති බිල්පත් සමඟ පොරබදමින් සිටින බව බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු පිළිගෙන ඇති අතර, රජය ව්‍යාපාර සඳහා පවුම් බිලියන ගණනක ආධාර ලබා දෙන බවද ඔහු මාධ්‍යට පවසා සිටියේය.
එම නිළධාරියා පවසන සහයෝගයෙන් අදහස් කරන්නේ මෙම ශීත සෘතුවේදී පුරෝකථනය කරන ලද තොග බලශක්ති පිරිවැයෙන් අඩක් පමණ ගෙවනු ඇති බව යැයි ඔහු ස්කයි වෙත පැවසුවේය. ඒ අනුව අප්‍රේල් මාසයේ සිට තවදුරටත් බලශක්ති පිරිවැය සඳහා සහය ලබා දීමට රජය පොරොන්දු වී ඇති බව ඔහු තහවුරු කළේය.
2022 සැප්තැම්බර් මාසයේදී, බ්‍රිතාන්‍ය රජය බලශක්ති බිල්පත් සහන යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර, එය ඉහළ යන බලශක්ති පිරිවැය පියවා ගැනීමට ව්‍යාපාර සඳහා පවුම් බිලියන 18 ක් හෙවත් ඩොලර් බිලියන 22 ක් ලබා දී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් එම සැලැස්ම මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර නව ආධාරක පැකේජයක් මගින් අරමුදල් පවුම් බිලියන 5.5 ක් හෙවත් ඩොලර් බිලියන 6.5 දක්වා අඩු කරනු ඇතැයිද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...