ක්‍රීඩා පුවත්

ප්‍රංශය අවසන් තරගයට

July 11, 2018 11:54 am | Lanka Lead News

පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ බෙල්ජියම් කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගය 1-0ක් ලෙස ජයගනමිනි.

තරගයේ 51 වැනි විනාඩියේදී සැමුවෙල් උම්ටිටි වාර්තා කළ ගෝලය තරගයේ වාර්තා වූ එකම ගෝලය විය. එංගලන්ත කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය ජය ගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට ප්‍රංශය හා තරග කරනු ඇත.

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

2016 වසරෙන් පසුව බෙල්ජියම් පාපන්දු කණ්ඩායමක් පළමු වරට පරාජය පත්වූයේ මෙම තරගයේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More