කලා පුවත්

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද (10) පෙරවරුවේ රැගෙන විත් තිබේ.

මෙරට රසික රසිකාවියන් අතර ජනාදරයට පත් ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ අරුක්ගොඩ පිහිටි නිවසේදී පෙරේදා රාත්‍රීයේ ඝාතනයට ලක්විය.

මුලික විමර්ෂනවලදී අනාවරණ වුයේ ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට කතුරකින් සිදු කළ මරණීය තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවූ අතර ඇය දෙදරු මවක්.

ඇයගේ ඝාතනයෙන් පසු පලාගොස් සිටි සැකකාර සැමියා ඊයේ(09) උදෑසන පානදුර දුම්රියපොළ අසලදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අද(10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසීය ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පෞද්ගලික මල්ශාලාවක සිට අද පෙරවරුවේ පානදුර පිහිටි ඇගේ නිවස වෙත රැගෙන විත් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More