ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිකිරීමේ යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) දින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට තමන් විසින් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිවිය යුතු බවත් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයද කඩිනමින් රට හමුවේ තැබීමට ක්‍රියා කරන බවත් නානායක්කාර මහතා පෙන්වා දෙයි.
ආණ්ඩු විරෝධය කෙමෙන් වැඩි වීමත් සමඟම ආණ්ඩු විරෝධී බලවේගවලට එකට එක්වී පුළුල් ජාතික බලවේගයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණ කඩිනමින් පිහිටුවිය යුතු බව නානායක්කාර මහතා කියා සිටී.
මීට අමතරව ආණ්ඩුවට එරෙහිව ආරම්භ කිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ඒකාබද්ධ විපක්ෂයේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...