ප‍්‍රධාන පුවත්

අද නීතිය හා සාමය නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නැයි කියලා මේ ආණ්ඩුව බලයට ආවේ. එහෙත් අපි දන්නවා අද මිනීමැරුම් ඉහළයෑම පාතාලයේ නැඟිටීම, කුඩු වැඩිවීම වැනි ඒවා පේන්න තියෙනවා. ඒ වගේම යාපනයේ පවා විජයකලා මන්ත්‍රිවරිය ප්‍රකාශ කළා එල්.ටී.ටී.ඊ. කාලේ මෙවැනි දේ වුණේ නෑ කියලා. ඇත්තටම කියන්න බැරි වෙච්ච කතාව තමයි යුද්ධය අවසාන වුණු කාලයේ ඉඳලා 2014 වෙනකම් ඔය කියන කිසිම දෙයක් යාපනයේ නොතිබුණු බව යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මේ බව ඒ මහතා පැවැසුවේ මාතර පාලටුව එල්.එම්.කේ. හෝටලයේ පෙරේදා (8දා) පැවැති එළිය සම්මන්ත්‍රණයට අදහස් දක්වමින්ය.

තවදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
මේ බදු ගැනීම හරියට ටූත් පේස්ට් එක මිරික මිරිකා ගන්නවා වගේ. මේ ආණ්ඩුව ඒක ඉවර වුණාම තවත් මිරිකනවනේ. ඒ ටිකත් ඉවර වුණාම බුරුසුව ඇතුළට දාලා එකතු කරනවා වගේ මේ ආණ්ඩුව මහජනතාවගේ බෙල්ලටම හිරකරලා බදු ගන්නවා. එක පැත්තකින් ටූත් පේස්ට් ආර්ථිකයක්. අනෙක් පැත්තෙන් ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක්. අද මහජනතාව ඉල්ලා සිටින්නේ නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙවෙයි ජනතා හිතවාදී සංවර්ධන ක්‍රමයක් අපිට හඳුන්වා දුන්නා. එතුමාගේ සංවර්ධන සංකල්පය ජනතාවගේ අවශ්‍යතාව හඳුනාගෙන කළ සංවර්ධනයක්. එතුමා ජනතා ආකල්ප හඳුනාගත්තා.

එතුමා ජනතාව සන්තෝෂයෙන් තැබිය යුතු බව හඳුනා ගත්තා. ජනතාව වෙනුවෙන් ජනතාවගේ හදවත් තේරුම් ගෙන ඇතිකළ සංවර්ධන ව්‍යාපාර. එදා නාගරික සංවර්ධනය සිදුකරන අවස්ථාවේදී අපි ඇති කළේ ජනතා හිතවාදී නාගරික සංවර්ධනයක්. නාගරික සංවර්ධනයේදී විශේෂයෙන්ම කොළඹ පළාතේ අඩු ආදායම්ලාභීන් ඒ කියන්නේ පැල්පත්වල ජීවත්වන වැසියන්ට විශේෂයෙන්ම තට්ටු නිවාස ඇති කරන්න මගේ ඉලක්කය තිබුණා.

ගුවන් තොටුපළ වැනි ව්‍යාපෘති ඇති කරලා හම්බන්තොට දිස්ත්‍රික්කයට මාතර දිස්ත්‍රික්කයට විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට බලපාන ප්‍රශ්න බලා එහි සංවර්ධනය ඇති කළා. එතුමා හම්බන්තොට වරාය හදන අවස්ථාවේදී එහි අරමුණ වුණේ එහි මූලික සැලැස්ම ඇති කළේ ඒ වටා ඇතිවන රැකියා අනෙකුත් අවස්ථාවන් කල්පනා කරලයි. නමුත් අවාසනාවකට වගේ කිසිම තැකීමක් නැතිව විදේශිකයන්ට මේවා පවරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පය වූයේ දේශීය ව්‍යාපාර ආරක්ෂා කරගෙන දේශීය ගොවියා ආරක්ෂා කරගෙන මේ රටේ සැලසුමක් සකස් කිරීමටයි. මේ ආර්ථික සැලැස්ම සකස් කිරීමේදී දිළිඳු ජනතාව අපි ශක්තිමත් කරන්නේ නැතිව අපි ආර්ථිකය කොතරම් ශක්තිමත් කළත් නියම ආර්ථික සංවර්ධනයක් ළඟා කරගන්න ලැබෙන්නේ නෑ. මේ ආර්ථික සංවර්ධනය තුළ අධ්‍යාපනය ඉතා වැදගත්. අපේ රට සංවර්ධනය කිරීමේදී දැනුම මුල්කර ගත් ආර්ථිකයක් පදනම් විය යුතුයි. ඉදිරි ආණ්ඩුවක් තුළ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන ශිෂ්‍යයන් කෙරේ විශේෂයෙන් සලකා බැලීම කරනවා. එහෙම කළොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ දැනුම පිරුණු ආර්ථිකයක් මේ රටට ලබා ගන්නට. මේ රටේ සිටින දෙමළ හා මුස්ලිම් ජනතාවට බොරු කියලා ඒ අයව මුළා කරලා ඒ අයගේ ඡන්දය ලබාගෙන මේ අය බලයට පත්වුණා. ඒ එක්කම විවිධ විදේශීය බලපෑම්වලට නොයෙකුත් දේ පොරොන්දු වුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More