දේශීය පුවත්

ඊ.ටී.අයි. ආයෝජකයින්ගේ මුදල් චිත්‍රපට නිෂ්පාදනයට යොදාගෙන ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (08) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දැන් මේ ETI ආයතනය මෙහෙය වන්නේ EAP සමූහ ව්‍යාපාරය විසින්. මේ තැන්පත්කරුවන්ගේ මුදල් වලට සිද්ධ වුණේ කුමක්ද? වැඩි කොටසක් වැය කරලා තියෙන්නේ චිත්‍රපටි නිෂ්පාදනය කරන්න. දැන් එහෙම නම් ETI තැන්පතුකරුවන්ගේ අරමුදල් වැඩිපුර වැය කරලා තියෙන්නේ රන්ජන් රාමනායකගේ ප්‍රතිරූපය හදන්න. අසාධාරණයට, අයුක්තියට, තිරයේදී වීරයා වගේ කටයුතු කරන බව නිරූපණය කරන්න ETI අහිංසක තැන්පත්කරුවන්ගේ මුදල් වැය කරලා තියෙනවා.

ඒ නිසා ETI තැන්පත්කරුවන්ගේ ඔය මුදල් ලබා ගන්න පුළුවන් ප්‍රධාන තැනැත්තා රන්ජන් රාමනායක මහත්තයා. අනුන්ට චෝදනා කර කර ඉන්න රන්ජන් රාමනායක මහත්තයා ගාවට ගිහිල්ලා ඒවායේ පොලියත් එක්ක ලබා ගන්න කියන ඉල්ලීම අපි කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More