දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි.
මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මඟින් මේ වන විට ගලේවෙල, කුරුණෑගල, ගොකරැල්ල, දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ වන් අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලීසිය පවසයි.
ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීන් විස්සකට පමණ බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ බව හඳුනා ගෙන තිබේ.
මෙම එක බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ද අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ද ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.
තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුවී ඇති අතර, බස් රථයේ සිටි ජනතාව කියා සිටියේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක එකට යා කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුවු බවයි.
බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී සංඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සුලභ සිදුවීමක් බව ද ඇතැම් මගීන් පවසති.
සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු කියා සිටියේ එකවරම විශාල ශබ්දයක් ඇසී බලන විට මගීන් කෑ ගසන ශබ්දය ඇසුණු බවයි. අනතුරුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලට රෝගීන් පටවා ගලේවෙල රෝහලටත් ගොකරැල්ල රෝහලටත් යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි.
ගලේවෙල රෝහලට ඇතුළත් කළ බොහෝ රෝගීන් දඹුල්ල මූලික රෝහලට මාරුකර වුණ බවද ගොකරැල්ල රෝහලට රැගෙන ගිය රෝගීන් කුරුණෑගල රෝහලට මාරු කර යැවු බව ද රෝහල් ප්‍රකාශකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...