ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් යුත් එම භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ ප්‍රමාණය නිශ්චිතව තවමත් සදහන් කිරීමට නොහැකි වී ඇති බවත් වාර්තා වේ.
එම භූ කම්පනය එරට වේලාවෙන් පස්වරු 04:17ට (GMT 01:17) ගාසියන්ටෙප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු වී ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත.
භූමිකම්පාව අන්කාරා අගනුවරට සහ තුර්කියේ ඇති අනෙකුත් නගරවලට සහ පුළුල් ප්‍රදේශයක් පුරා දැනී තිබේ.
ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් ඒවා තුළ සිර වී සිටිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...