ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 68 දක්වා වැඩිවී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.

ඊට අදාල ලිපි ලේඛන සකස් කරමින් පවතින බවත් ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී එය බාර දීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් එම මන්ත්‍රීවරුන් දෙදෙනා සාකච්ඡා සඳහා පැමිණි බවත් ඔවුන් නිත්‍ය සාමාජිකයින් ලෙස පිළිනොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම මන්ත්‍රීවරුන් දෙදෙනා නිවැරදි ස්ථාවරයක, කිසිදු ප්‍රතිපත්තියක සිටින මන්ත්‍රීවරුන් නොවන බවත් පෙන්වා දෙන රංජිත් සොයිසා මහතා ඔවුන්ට හොඳ ඇමැතිකමක් දුන්නොත් ආණ්ඩුවට එක්වන බවත් කියා සිටියේය.

ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක මන්ත්‍රීවරුන් හැර අනෙක් මන්ත්‍රීවරුන් සියල්ල ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බවත් ඔවුන් රැස්වීම්වලටද සහභාගී වන බවත් හෙතෙම සඳහන් කළේය.

මේවන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 68 දෙනෙකු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ වාඩි වී සිටින බවත් පාර්ලිමේන්තුව තුළ එකඟතාවයෙන් යුක්තව ආණ්ඩු විරෝධීව ඒකාබද්ධව කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ශ්‍රීලනිපයේ 16 කණ්ඩායම පොහොට්ටුවෙන් තරඟ කිරීමට එකඟතාවයකට නොපැමිණි බවත් ඔවුන් ආණ්ඩු විරෝධි ගෙනයන වැඩපිළිවෙලට සහය දෙන බවටත්, පාර්ලිමේන්තුව තුළ සහයෝගීව කටයුතු කරන බවටත් එකඟ වූ බවත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල අනුමත කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54ක් වන අතර ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 14 දෙනාද ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට එකතුවීම නිසා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට 68 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් ලෙස නොසලකා වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අදහස ළඟදීම කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

මෙම 68 කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කතානායකවරයා විසින් පිළිගනු ලැබුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More