අනුරාධපුර වන්නිකුලම් ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබූ ව්‍යාපාරිකයාගේ බිරිද විසින් එල්ල කරන චෝදනා නිවැරදි නොවනප බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
දියණිය නිරුවත් කිරීම විරුද්ද නිසා මෙම ඝාතනය සිදු කලේ යයි බිරිද චෝදනා කලද පොලීසියට එවන් නිරුවත් කිරීමක් ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවත් ඒවා යටපත් කිරීමට කිසිදු දේශපාලනඥයකු කිසිදු බලපෑම් සිදු නොකරන බවත් පවසනන ඔහු මිය ගොස් ඇති පුද්ගලයාටද අධිකරණයේ නඩු පහක් පවතින බවත් කාන්තාවකට ලිංගික අතවර කිරීම හා පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩු පවතින බවද ඔහු සදහන් කලේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක්හි පලවූ සටහනක්ද පහකින් දැක්වෙයි. එහි සත්‍ය අසත්‍යතාවය එකී ලියුම්කරු සතුය.
මාස 10යකට කලින් මගුල් ගෙදරකදි එකකදි ඇති උනා කියන සිද්ධිය පටන් අරන් තියෙන්නේ කපලා කොටලා මරා දාල ඉන්න “සුජීව” කියන කෙනා හරි, එයාගේ ඔය අතවරයක ලක් උනා කියන දුව හරි මහ ජරා විදිහට අශෝබනව මගුල් ගෙදර ඩාන්සින්ග් ෆ්ලෝර් එකේදි නටපු විදිහ දැකලා බලාගෙන ඉන්න බැරුව “පුල්ලයාර චමින්ද” කියන කෙනාගේ ගෑනු කෙනයි තව ගෑනු 2න්නෙකුයි ඒකට අනම් මනම් කිව්වා කියලලු.
කොහොම හරි එවෙලේ ඔය වීඩියෝ එකේ පෙරලි පෙරලි අඬන සුජීවගේ ගෑණු කෙනා අනම් මනම් කිව්ව අර ගෑණු අයත් එක්ක රණ්ඩු කරලා, බබෙක් ලැබෙන්න හිටිය පුල්ලයාර චමින්දගේ ගෑනු කෙනාගේ බඩට පයින් ගහලා තියනවා. ඊට පස්සේ තමා ලොකුවටම රණ්ඩුව ගිහින් ගහගෙන ඒක ඉවර වෙලා තියන්නේ.
ඊට පස්සේ දැනට මාස 2කකට විතර කලින් මේ මැරුණු සුජීව , මගක රැකලා ඉඳලා පුල්ලයාර චමින්දගේ අත වෙන් වෙන තරමටම කපලා තියනවා එයාගේ පුතාගේ සෙට් එකත් එක්ක ගිහින් .කොහොම හරි මැරුණු සුජීව “පුල්ලයාර චමින්දගේ” අත කඩුවෙන් කපලා ගෙදරට එද්දි, ඔය දැන් වැටි වැටී අඬන ගෑණු කෙනා අහලා තියනවලු “ඇයි ඒයි ඔයා උගේ අත කපලා මට බලන්න අරන් ආවේ නැත්තේ ” කියලා.
ඒ තරම් ජරා දරුණු ගෑනියෙක්ලු ඔය වැටි වැටී අඩන ගෑනි.එහෙම කිව්වා කියලා ගෙවල් පැත්තේ මිනිස්සු ඔක්කොම දන්නවලු ඒ සිද්ධිය උනු දවස් වලදි.
ඔය මැරිච්ච සුජීවගේ පවුලේ ඔක්කොම එදා මගුල් ගෙදර දවසෙදිත් වෙච්ච සිද්ධිය කනපිට ගස්සවන්නලු දුවට අතවර කරන්න ආවා වගේ සිද්ධියක් පටලවලා තියෙන්නේ, කොහොමත් ජරා ගෑනු ඕනේ බලු වැඩක් කරලා උන්ගේ රෙදි ඉරාගෙන අතවර කරා කියලා පොලිසියට කියන සිද්ධි ඕනේ තරම් ත්යනවනේ.
අනික දෙරණ වීඩියෝ එකේ අර ගෑනු කෙනා කියනවා මගේ කෙල්ලගේ ඔක්කොම අදුම් ගැලෙව්වලු, කෙල්ලෙක්ගේ ඇදුම් ඔක්කොම ගලවනකන් මගුල් ගෙදරක පිරිල ඉන්න මිනිස්සු බලන් ඉන්නවද ? මොන බොරු කතාවක්ද ඒ. අනික තමන්ගේ ගෑණු දරුවෝ එක්ක ඇවිත් ඉන්න මිනිස්සු කෙල්ලොන්ගේ ඇඳුම් ගලවනවද දෙතුන් සීයක් බලන් ඉද්දි.
කොහොම හරි පුල්ලයාර චමින්ද කියන කෙනාගේ අත කපපු දවසේ පැමිණිල්ල ලියාගෙනවත් නැහැ කියනවලු අනුරාධපුර පොලිසියෙන්, පස්සේ ඒ පැත්තේ ප්‍රසිද්ධම ඇමති කෙනෙක් මාර්ගෙන්ලු පොලිසියට කතා කරවලාලු පැමිණිල්ල දම්මවලා තියෙන්නේ. එහෙම පැමිණිල්ල බාර අරගෙන නැත්තේ ඔය සුජීව කියන කෙනාගේ පොලීසියත් එක්ක තියන සම්බන්දකන් නිසාලු.
ඔය මැරුණු සුජීව කියන කෙනා 3න් හතර දෙනෙක්වම කලින් කඩුවෙන් කපපු චන්ඩියෙක්ලු, එයාගේ අවුරුදු 18ක විතර ටීවී එකේ පෙන්වපු පොඩි පුතා පොසොන් දවසේ අනුරාධපුරේ ටවුන් එකේදි ප්‍රසිද්ධම ට්‍රැෆික් පොලිසියේ කෙනෙකුට නහයෙන් කටින් ලේ දාන්න ගහලලු එයාගේ සෙට් එකත් එක්ක එකතු වෙලා. ඒ ට්‍රැෆික් නිලධාරියා හොස්පිටලුත් ඉඳලලු ගුටි කාල,ඒ වගේ නඩු ගොඩකට සම්බන්දයිලු මේ පවුලම.
ඒ වගේම පුල්ලයාර චමින්දලා කියන්නෙත් චන්ඩිලු, කවුදෝ නාලක කියලා චන්ඩියෙකුත් එක්කලු එයා ඉන්නේ. එයාල තමයිලු සුජීවව මරන්න ඇත්තේ අනිවාරෙන්ම, හැබැයි දැන් අම්මලා දුවල පොලවේ හැපිලා අනුකම්පාව ගන්න ගියාට ඇත්තම සිද්ධිය ඕකලු, මරපු අයටත් අනිවාරෙන් නිසි දඩුවම් ලැබෙන්නම ඕනේ , මං මේක දැම්මේ මරපු අයව සුද්ධ කරන්න නෙවෙයි, ඇත්ත විස්තරේ දැනගෙන නිව්ස් වල ගියපු බොරු දැකලා ෆේස්බුක් වීරයෝ දාන දේවල් බලන් ඉන්න බැරි නිසයි.
– FB
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...